Author: LFN

උතුරු සහ වයඹ පළාත් සඳහා නව පළාත් ලේකම්වරු පත්කර තිබේ. ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊ (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබීය.

Read More

බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් තිබේ. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් දැරියගේ උගුරේ සිරවී ඇති බවය. ඉන් සිහිසුන්වූ දැරියව මහියංගනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (11) දැරිය මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති දැරියකි. මව විදේශගත වීම නිසා ඇය සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා සමඟ නිවසේ ජීවත්වී ඇත. වැලිගොඩ දැමීමෙන් ජීවිකාව ගෙනයන පියා මොවුන් පදිංචි නිවස ආසන්නයේ වෙනත් නිවසක ජීවත් වන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මහියංගනය රෝහලේදී දැරියගේ උගුරේ සිරවූ බෙහෙත් පෙත්ත…

Read More

ඊයේ (12) පස්වරු 5.50ට පමණ මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීම සඳහා ඉලක්කය වූ පුද්ගලයා ඉන් ජීවිතය බේරාගත් පසු ඔහුගේ පාර්ශ්වයෙන් ගොස් නිවාස 4කට පහරදී ඇති බව වාර්තා වෙයි. පහරකෑමට ලක්වූ පිරිස එලෙස චෝදනා කරයි. මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙඩිතැබීම සිදුවූ අලිවත්ත ප්‍රදේශයේම නිවාස කිහිපයක් වෙතය. සිද්ධියට මුහුණ දුන් පාර්ශ්වය චෝදනා කරන්නේ අදාළ වෙඩිතැබීම තම පාර්ශ්වයෙන් සිදුවූ බව පවසමින් මෙම ප්‍රහාරය සිදුකළ බවය. ඊ පස්වරු 5.50 ට පමණ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ නිවසකට ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර වෙඩිතබා තිබුණි. අශාන් මදුරංග නැමති 24 හැවිරිදි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත. ඔහු වෙඩිතැබීමෙන් ජීවිතය බේරාගත් අතර වෙඩික්කරුවන් පළාගොස් තිබුණි.

Read More

බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ඊ (12) රාත්‍රී 09ට පමණ කාන්තා මළසිරුර හමුවී ඇති බවය. වයස අවුරුදු 30ක පමණ වන කාන්තා සිරුරක් එලෙස මුහුදු වෙරළට ගොඩගසා ඇති බවත් ඇයගේ අනන්‍යතාව පිළිබඳව කිසිඳු තොරතුරක් හෙළිවී නොමැති බවත් පොලීසිය පවසයි.

Read More

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවය. දින ගණනක් තිස්සේ තවමත් රට තුළ පවතින්නේ උණුසුම අධික කාලගුණ තත්ත්වයකි. මේ හේතවෙන්, ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතයට හුරුවී සිටී. ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තිබේ. ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී ඔවුන් එම පුහුණුව ලබනු ඇත. අදාළ කණ්ඩායම ඉකුත් 03 වනදා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. මෙම කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකු ඇතුළත් ය. ඔවුන් එළබෙන 16 වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාව සඳහා එක්වී තිබේ.

Read More

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණා. ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාළ බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත්, ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමටත් 2024-02-26 දින පැවති අමාත්‍ය මණ්ඩල…

Read More

2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 30ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි. ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මියගෛාස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ එම වෙඩිතැබීමේ සිදුවීම් 30න් 17ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වූ බවය. අනෙක් වෙඩිතැබීම් 13 පුද්ගලික හේතු මත සිදුකළ ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

‍අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි ව තිබේ. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, ඔවුන් දෙපාර්තමේන්තු සේවකයින් බවට පත්කිරීමෙන් අනතුරුව ‍අලිවැට සංරක්ෂණය සඳහා කාර්‍යක්ෂම සේවාවක් ලබාගත හැකි බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළාය. “හැබැයි එම පිරිස ලබාගන්නේ දැනටත් අලි වැටේ කටයුතු කරන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තමා යොදා ගන්නේ. අලුතින් සේවකයින් බඳවා ගැනීමක් සිදුවන්නේ නෑ. බහුකාර්ය දෙපාර්තමේන්තු සේවකයින් වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගැනීම සහ සම්පුර්ණ බඳවා ගැනීමක් සිදුකරනවා.”

Read More

වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතුවලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඒ අනුව දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.

Read More