Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බෙහෙත් පෙත්තක් උගුරේ සිරවුණු දැරියක් මරුට
    Featured

    බෙහෙත් පෙත්තක් උගුරේ සිරවුණු දැරියක් මරුට

    By LFNMarch 13, 2024No Comments2 Mins Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

    උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් දැරියගේ උගුරේ සිරවී ඇති බවය.

    ඉන් සිහිසුන්වූ දැරියව මහියංගනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

    එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය (11) දැරිය මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නමැති දැරියකි.

    මව විදේශගත වීම නිසා ඇය සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා සමඟ නිවසේ ජීවත්වී ඇත.

    වැලිගොඩ දැමීමෙන් ජීවිකාව ගෙනයන පියා මොවුන් පදිංචි නිවස ආසන්නයේ වෙනත් නිවසක ජීවත් වන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

    මහියංගනය රෝහලේදී දැරියගේ උගුරේ සිරවූ බෙහෙත් පෙත්ත ඉවත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරුකර එවා තිබුණි.

    “දුවට උණ ගතියක් තිබුණා. අපේ පාරේ බස් එකක් යන්නේ පැය දෙකකට වතාවක්. බෙහෙත් ගන්න යන්න බස් එක එනකල් දුවට බෙහෙත් පෙත්තක් දුන්නා. මීට පෙරත් ඇයට ඒ වගේ බෙහෙත් පෙති දීලා තිබෙනවා. බෙහෙත් පෙත්ත බිව්ව ගමන් දුවට සිහිය නැති වුණා. ත්‍රීවිල් එකකින් මහිංගනය රෝහලට අරන් ගියා. එතනදී වෛද්‍යවරු දුවගේ උගුරේ සිරවී තිබූ බෙහෙත් පෙත්ත අරන් මට පෙන්නුවා. පසුව දුවට අමාරුයි කියලා එයාව පේරාදෙණියට මාරු කළා.” දියණියගේ මිත්තණිය වන බී.ජී සීලවතී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියාය.

    ඉදිරි පරීක්ෂණ කටයුතුවල වාර්තා ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට අමල් ජයවර්ධන මහතා පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.