Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඩෙංගු සඳහා එන්නතක් ?
    International

    ඩෙංගු සඳහා එන්නතක් ?

    By LFNMarch 13, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොරෝනා වසංගතය සමයේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙන්ම ප්‍රෝටීන මත පදනම් වූ නොවැක්ස් කොවිඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සීරම් ආයතනය අද ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයා බවට පත්වී තිබේ.

    දැන් ඔවුන් කොවිඩ් එන්නත්වලින් ඔබ්බට ගොස් තවත් රෝගවලට එන්නත් ගවේෂණය කිරීමේ නිරත වෙයි.

    සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා ප්‍රකාශ කළේ ඉදිරි වසර කිහිපය තුළ මැලේරියාව සහ ඩෙංගු රෝගය සඳහා ද එන්නත් නිපදවීමට සීරම් ආයතනය පර්යේෂණ ආරම්භ කර ඇති බවය.

    සීරම් ආයතනය මෙලෙස නව එන්නත් නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමුකිරීමට තවත් හේතුවක් වන්නේ ඉල්ලුම අඩුවීම නිසා කොවිඩ් එන්නත් නිෂ්පාදනය කපාහැරීමට සිදුවීම ය.

    එලෙස තවත් රෝගවලට නව එන්නත් නිෂ්පාදනය කිරීමෙන්, සීරම් ආයතනයේ එන්නත් නිෂ්පාදනය බිලියන 2 1/2කින් පමණ ඉහළ නැංවිය හැකි බව එහි ප්‍රධාන විධායක පූනවල්ලා ප්‍රකාශ කරයි.

    කොවිඩ් වසංගත සමයේ සිය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සීරම් ආයතනය අමෙරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වැය කළේය.

    සීරම් ආයතනය මේ වනවිට වාර්ෂිකව එන්නත් මාත්‍රා බිලියන 1.5ක් පමණ අලෙවි කරයි.

    එහි නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 4ක් පමණ වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.