Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ හිත හොඳ දොස්තර
    Featured

    නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ හිත හොඳ දොස්තර

    By LFNMarch 13, 2024No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු අපට බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

    බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15ක පමණ දුරකින් පිහිටා ඇති කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සී ශ්‍රේණියේ රෝහලකි.

    කැන්දගොල්ල ගම්මානයට මෙම රෝහලෙන් සැලසෙන්නේ විශාල සේවාවකි.

    නමුත් වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම රෝහල වෙත පැමිණීමට රෝගීන්ට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ.

    මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසරණ භාවයකට.

    මීට පිළියම් ලෙස මේ වන විට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සචිත් බණ්ඩාර මහතා විසින් කාලාන්තරක් තිස්සේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කිරිම ආරම්භ කර තිබේ.

    ඒ එම රෝගීන්ට මහඟු සේවාවක් සලසමිනි.

    කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහලේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සචිත් බණ්ඩාර මහතා,

    “පසුගිය අවුරුද්ද ඇතුළත රෝහලේ භාහිර බෝ නොවන රෝග සායන කරද්දි දැකපු දෙයක් තමා ගොඩක්ම වයෝවෘධ කට්ටිය සහ විවිධ රෝගාබාධවලට ලක්වී එක්තැන් වුණ අයට අපේ හොස්පිටල්වලට එන්න බැරිකමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රවාහන දුෂ්කරතා, එයාලා ඉන්නේ කඳු උඩ, දුෂ්කර මාර්ග තියෙන අය ඉන්නවා. ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි අය ඉන්නවා. අපි හිතුවා එහෙම අයගේ ගෙදරට ගිහින් බෙහෙත් කරලා බලමු කියලා මේ අයගේ ප්‍රතිඵලයක් ගන්න. කාර්ය මණ්ඩලය කොහොමත් ඒ අයත් එක්ක සමීප නිසා මට හරි ලේසියි ඒ වැඩේ කරන්න. ඒ අය බොහොම හොඳ සහායක් දෙනවා. ඕන වෙලාවක ඩියුටිය ඔන් ඕෆ් වෙන වෙලාව මොනවා වුණත් ඉන්න කෙනා ඕන වෙලාවක ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. බොහෝම සතුටින් අපි කරගෙන යන වැඩක්.”

    ඒ අනුව මේ වන විට මෙලෙස ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි.

    “මේ පාර ගොඩක්ම දුෂ්කරයි. තාත්තා ගෙනියන්න බෑ මේ පාරේ. ඩොක්ටර් ඇවිත් සියලුම සත්කාර කරනවා. එතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.