Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ හිත හොඳ දොස්තර
    Featured

    නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ හිත හොඳ දොස්තර

    By LFNMarch 13, 2024No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු අපට බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

    බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15ක පමණ දුරකින් පිහිටා ඇති කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සී ශ්‍රේණියේ රෝහලකි.

    කැන්දගොල්ල ගම්මානයට මෙම රෝහලෙන් සැලසෙන්නේ විශාල සේවාවකි.

    නමුත් වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම රෝහල වෙත පැමිණීමට රෝගීන්ට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ.

    මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසරණ භාවයකට.

    මීට පිළියම් ලෙස මේ වන විට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සචිත් බණ්ඩාර මහතා විසින් කාලාන්තරක් තිස්සේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කිරිම ආරම්භ කර තිබේ.

    ඒ එම රෝගීන්ට මහඟු සේවාවක් සලසමිනි.

    කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහලේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සචිත් බණ්ඩාර මහතා,

    “පසුගිය අවුරුද්ද ඇතුළත රෝහලේ භාහිර බෝ නොවන රෝග සායන කරද්දි දැකපු දෙයක් තමා ගොඩක්ම වයෝවෘධ කට්ටිය සහ විවිධ රෝගාබාධවලට ලක්වී එක්තැන් වුණ අයට අපේ හොස්පිටල්වලට එන්න බැරිකමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රවාහන දුෂ්කරතා, එයාලා ඉන්නේ කඳු උඩ, දුෂ්කර මාර්ග තියෙන අය ඉන්නවා. ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි අය ඉන්නවා. අපි හිතුවා එහෙම අයගේ ගෙදරට ගිහින් බෙහෙත් කරලා බලමු කියලා මේ අයගේ ප්‍රතිඵලයක් ගන්න. කාර්ය මණ්ඩලය කොහොමත් ඒ අයත් එක්ක සමීප නිසා මට හරි ලේසියි ඒ වැඩේ කරන්න. ඒ අය බොහොම හොඳ සහායක් දෙනවා. ඕන වෙලාවක ඩියුටිය ඔන් ඕෆ් වෙන වෙලාව මොනවා වුණත් ඉන්න කෙනා ඕන වෙලාවක ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. බොහෝම සතුටින් අපි කරගෙන යන වැඩක්.”

    ඒ අනුව මේ වන විට මෙලෙස ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි.

    “මේ පාර ගොඩක්ම දුෂ්කරයි. තාත්තා ගෙනියන්න බෑ මේ පාරේ. ඩොක්ටර් ඇවිත් සියලුම සත්කාර කරනවා. එතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.