Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කුසගින්නේ මියයන පලස්තීන දරුවෝ
    International

    කුසගින්නේ මියයන පලස්තීන දරුවෝ

    By LFNMarch 12, 2024No Comments4 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාස 05ක් තිස්සේ ඊශ්‍රායල සම්බාධකවලට සහ නොනවතින ප්‍රහාරයන්ට ලක් වූ උතුරු ගාසා තීරයේ පලස්තීන දරුවන් සාගින්නෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් උතුරු ගාසා තීරයේ අල්-අවුදා සහ කමාල්-අද්වාන් රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණි.

    එහිදී හෙළිදරව් වූ දෑ අතිශය ඛේදජනක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් සඳහන් කළේය.

    ආහාර නොමැතිවීම නිසා කමාල් අද්වාන් රෝහලේ ළමුන් දස දෙනෙකුවත් මියගොස් ඇති බවත්, විදුලිය නොමැතිවීම නිසා එම රෝහල් ක්‍රියාකාරීත්වය මෙන්ම රෝගීන් ද අනතුරට ලක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා “x” අවකාශයේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

    එමෙන්ම විශේෂයෙන් ළමුන් ඇතුළු ගාසා තීරයේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ආරක්ෂිතව, අඛණ්ඩව ලබාදීම සඳහා ඉඩ සලසන ලෙස ඔහු ඊශ්‍රායල රජය වෙතින් ඉල්ලීමක් ද කළේය.

    හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ පරිදි කමාල්-අද්වාන් රෝහලේ ළමුන් 15දෙනෙකු මන්දපෝෂණයෙන් සහ විජලනයෙන් මියගොස් ඇති අතර 16 වැනි දරුවා දකුණු දිග රෆා නගරයේ රෝහලකදී සාගින්නෙන් මියගොස් තිබේ.

    රෝහල් ගොඩනැගිලි ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශවීම මෙන්ම ආහාර, ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් නොමැතිවීම නිසා උතුරු ගාසා තීරයේ 300,000ක් පමණ පලස්තීනුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙයි.

    ඔවුන්ට ආහාර හෝ ජලය පවතින්නේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන ලෙසිනි.

    ගාසා තීරය පුරා පලස්තීන සිවිල් වැසියන් 576,000ක් පමණ දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණදෙන බවත්, සෑම ළමුන් 06 දෙනෙකුගෙන්ම එක් අයෙක් මන්දපෝෂණයට ලක්වී සිටින බවත් එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ප්‍රධානියා මීට පෙර ප්‍රකාශ කළේය.

    යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේ මෙය මිනිසුන් විසින් ඇති කළ නිසැකයෙන්ම වැළැක්විය හැකිව තිබූ තත්ත්වයක් බවයි.

    ගාසා තීරයේ ආහාර අර්බුදයට පිළියම් ලෙසින් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඊජිප්තුව සහ ජෝර්දානය ගුවනින් ආහාර මළු හෙළීමට පියවර ගත්තේය.

    ගාසා තීරයේ උතුරු කොටසට ගොඩබිමින් මානුෂීය ආධාර රැගෙන ගිය රටවලට ආරක්ෂාව සපයමින් ගමන් කළ ඊශ්‍රායල යුද රටවල් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 112 දෙනෙකු මියයාමේ ඛේදවාචකය වාර්තා වුණේ පසුගිය සතියේදීය.

    එසේ වුවත් ඊශ්‍රායලය ගාසා තීරයේ ජගත් සංවිධාන සහන මෙහෙයුම මුළුමනින්ම අඩාල කිරීමට කටයුතු කරන බවට, ජගත් සංවිධාන පලස්තීන සහන මෙහෙයුම් ප්‍රධානී ෆිලීපේ ලසරානි චෝදනා කරයි.

    ජගත් සංවිධාන කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයට සම්බන්ධ බවට ඊශ්‍රායලය එල්ල කළ තහවුරු නොකළ චෝදනා හේතුවෙන් ඊට ලැබෙන ජාත්‍යන්තර ආධාර ද දැන් බෙහෙවින් කපාහැර තිබේ.

    මේ අතර ගාසා නගරයේ ආහාර ආධාර අපේක්ෂාවෙන් සිටි පලස්තීන සිවිල් වැසියන් පිරිසකට ඊශ්‍රායල හමුදාව යළිත් වෙඩි තැබිමේ පුවතක් අල්-ජසීරා රූපවාහිනිය වාර්තා කළේය.

    ගාසා නගරයේ කුවේට් වටරවුම ආසන්නයේ රැඳී සිටි පිරිසකටයි ඊශ්‍රායල හමුදාව මෙලෙස වෙඩිතබා ඇත්තේ එහිදී සිදුවු ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

    මේ අතර දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

    ඊශ්‍රායලය ගාසා තීරයේ සිවිල් වැසියන්ව ආරක්ෂත යැයි ප්‍රකාශ කළ මෙම ප්‍රදේශයට ඊයේ එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 17දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වෙයි.

    ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් විනාශ වූ නිවාස සුන්බුන් අතර දිවිගලවා ගත් අය සිටින්නේ දැයි පලස්තීනුවන් දෙඅතින් පොළොව හාරමින් සොයන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ඊශ්‍රායලය සහ පලස්තීනය පිළිබඳ අධ්‍යක්ෂ ඕමාර් ශකීර් පවසන්නේ ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව සිය උපරිම බලය යෙදවීම දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන්නක් බවයි.

    සාමාන්‍ය ආරක්ෂාව සැලසීමේ වාතාවරණයක් තුළ වුව ද ඔවුන් පලස්තීනුවන්ට එරෙහිව නීතිවිරෝධී ලෙස අධික බලයක් යොදවන බව ඔහු සඳහන් කළේය.

    පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 30,534ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 71,920ක් ලෙස සටහන් වෙයි.

    ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩාවැඳී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 1139කි.

    8730 දෙනෙක් එහිදී තුවාල ලැබූහ.

    253 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් තිබුණි.

    මේ අතර පස්‍රගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේදී දුෂණය සහ සමූහ දුෂණය ඇතුළු ලිංගික ප්‍රචණ්ඩත්වය සිදුව ඇති බවට විශ්වාස කළ හැකි සාධාරණ පදනමක් ඇති බව ඒ පිළිබඳ විමර්ෂණයක් සිදුකළ ජගත් සංවිධාන කණ්ඩායම පවසයි.

    ගැටුම්වලදී ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ප්‍රමිලා පැටන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජගත් සංවිධාන නියෝජිත කණ්ඩායම ඊශ්‍රායලයේදී මෙම විමර්ශණය සිදුකරනු ලැබීය.

    ප්‍රමිලා පැටන් මුරිසි දිවයිනේ නීතිඥවරියක් සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීනියක් ලෙස කටයුතු කළ තැනැත්තියකි.

    මෙලෙස හමාස් ප්‍රහාරයේදී ලිංගික ප්‍රචණ්ඩත්වය ලක්වූ බවට ජගත් සංවිධාන කණ්ඩායම සැක පළ කරන්නේ නෝවා සංගීත සංදර්ශන භූමිය, ඒ අවට ප්‍රදේශ සහ මාර්ගයේ මෙන්ම ගාසා තීරය ට ආසන්නව පිහිටා තිබෙන ඊශ්‍රායල ජනපද වල සිටි වින්දිතයින් බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.