Author: LFN
වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එම පෙත්සම්බල වග උත්තරකරුවන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරුවෝ කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බවය.
මිලයන 30කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යුධ හමුදා බුද්ධි අංශයේ තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සහ 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. වත්තල පොලිස් වසමේ හැඳල ඇළකන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 336ක් සොයාගෙන ඇත. සැකකරුවන් අද(07) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.
දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සංචාරක පෙදෙස්වල මේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බව කී තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුව තිබෙන බව සඳහන් කළේය. සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ යැයිද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බලපත්‍රයක් නොමැතිව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ කර්තෘවරයා ලබන 20 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (6 වැනිදා) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රි 10.45 ට පමණ මහයාය, අම්බාවිල, පල්ලේබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගල්කන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක නමැති සැකකරු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය. මෙම සැකකරු විසින් රාවණ ලංකා නිවුස් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවත්, ඔහු විසින් එහි පළ කරන ලද පුවත් මගින් ජාතික ආරක්ෂාවට සහ…
කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු මස 13 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකාර හිටපු ස්ථානාධිපති අද (06) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. පැමිණිලි පාර්ශ්වයට තර්ජනය කිරීම සහ බළපෑම් කිරීමේ චෝදනාව හේතුවෙන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න විනිසුරුවරිය මෙම නියෝගය ලබාදී තිබේ. සැකකාර සැකකාර හිටපු ස්ථානාධිපති එම නඩුව කැඳවූ පෙබරවාරි මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීමද විශේෂත්වයකි. ඊට පසුදින සැකකාර හිටපු ස්ථානාධිපති මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර…
රටවල් හයක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවැත්විණි. පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය ෂුහයිර් එම්. එච්. දාර් ශයිඩ්, තුර්කි ජනරජයේ තානාපතිනි ඩෙමෙට් සීකර්සිඔග්ලු, බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස් අරිෆුල් ස්ලාම්, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ගුස්ටිනා ටොබින්, මැලේසියානු මහකොමසාරිස් හිෂාම් බීන් ඇඩම් සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි ෆාතිමාත් ජීනා මහත්ම මහත්මිහූ එම හමුව සඳහා එක්ව සිටියහ. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කළ බවත් රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් ජාතික ජනබලවේගය…
ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවද පැවසු ජනාධිපතිවරයා අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බව ද කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්ත ද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බවය.
නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර තිබේ. එම පහරදීම සම්බන්ධයෙන් දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රටවල් කීපයක Facebook, Instagram සහ Messenger ගිණුම් එක වරම Logout වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අද රාත්‍රී 9.11 ට මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ. මෙසේ Logout වූ ඇතැම් පරිශීලකයින්ට නැවත තම ගිණුම් වෙත පිවිසීමට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක් පසුකර ඔහු එම ස්ථානයට පත්ව ඇත. මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙයි. එම වාර්තා සඳහන් කරන්නේ ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බවය. ඒ අනුව පසුගිය වසරක කාලය තුළදී ඊලෝන් මස්ක්ට ඩොලර් බිලියන 31ක් අහිමිවී ඇති අතර ජෙෆ් බේසොස්ගේ වත්කම බිලියන 23කින් වර්ධනය වී තිබේ.