Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදාවට අපහාස කල රාවණ ලංකා කර්තෘ නිශ්ශංක රිමාන්ඩ්
    Featured

    හමුදාවට අපහාස කල රාවණ ලංකා කර්තෘ නිශ්ශංක රිමාන්ඩ්

    By LFNMarch 7, 2024Updated:March 7, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බලපත්‍රයක් නොමැතිව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් පුවත් පළ කළැයි අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ කර්තෘවරයා ලබන 20 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (6 වැනිදා) නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රි 10.45 ට පමණ මහයාය, අම්බාවිල, පල්ලේබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගල්කන්දේ පුරන්වත්තලාගේ නිශ්ශංක නමැති සැකකරු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

    මෙම සැකකරු විසින් රාවණ ලංකා නිවුස් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවත්, ඔහු විසින් එහි පළ කරන ලද පුවත් මගින් ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේය.

    සැකකරු විසින් සිය වෙබ් අඩවියේ යුද හමුදාපතිවරයාගේ කුස්සියත් ඒ.සී. වැනි ශීර්ෂ පාඨද, තවත් පුවතක් මගින් සෙබළියන් ලිංගික කටයුතුවලට යොදාගන්නා බවත් සඳහන් කරමින් යුද හමුදාපතිවරයාට සහ යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපහාස වන අයුරින් විවිධ පුවත් පළකර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේය.

    සැකකරු මෙවැනි අපහාසාත්මක පුවත පළකිරීම තුළින් මහජනතාව යුද හමුදාව පිළිබඳ දරන මතය පහළ දැමීමට උත්සාහ කර ඇතැයිද, එමගින් රටේ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් එල්ල කර ඇතැයිද අධිකරණයට දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

    මෙම සිද්ධියට අදාළව පවත්වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.