Author: LFN
මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකික පිරිස හැකි ඉක්මකින් නිදහස් කරගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (02) තඹලගමුව ප්‍රදේශයේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. ඒ, මියන්මාරයේ සිරවී සිටින පුතෙකු බේරා දෙන්නැයි කඳුළු සලමින් මවක් ජනපති ඉදිරියේ සිදුකළ ආයාචනයකට ප්‍රතිචාර දක්වමින්. එහිදී ඇය සඳහන් කළේ, “ආරහේ හිරවෙලා ඉන්න මගේ පුතා බේරාදෙන්න…” ජනාධිපති – ” සියලුදෙනාම කතා කරගෙන යනවා… මියන්මාරයේ ආණ්ඩුව එක්ක. මේ අය හිරවෙලා තියෙන තැන මියන්මාර ආණ්ඩුවෙත් පාලනක් නැහැ. ත්‍රස්තවාදී කණ්ඩායම් අරගෙන තියෙන්නේ. ඒත් පුළුවන් තරම් ඉක්මනට කතා කරනගෙන… ඒ අයව ගේන්න කටයුතු කරනවා.” “මම දැන් සති දෙකකට කලිනුත් අපේ ඇමතිතුමාට කතා කළා. ඇමතිතුමා මියන්මාරයේ විදේශ…
අමෙරිකානු යුද ගුවන්යානා ගාසා තීරයට ගුවනින් ආහාර මලු හෙළා තිබේ. C-130 යානා තුනක් යොදාගෙන ආහාර මලු 30,000ක් පමණ ගාසා තීරයට දැමූ බව අමෙරිකානු බලධාරීන් පවසයි. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වූ පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් මියයෑමෙන් පසුවය. හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් එම පිරිසට ප්‍රහාරයක් එල්ලකළ බවයි.
ගාල්ල, නාගොඩ වලකුඹුර ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. සේවය අත්හිටුවා ඇති පොලිස් නිලධාරියෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ දෙදෙනෙක් ඔහුගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ලබාගෙන අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බව පොලීසිය පවසයි.
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබේ. එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය පවසයි. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බවය.
බොරැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර මනූෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අද (01) අත්අඩංගුවට ගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදීය. එම අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු යතුරුපැදිය ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙකි.
පරාටේ නීතිය තාවකාලික ව අත්හිටුවීමට ආණ්ඩුව ගනූ ලැබූ තීරණය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම තීරණය බැංකුවලට සන්නිවේදනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කර තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා තිබුණත් බැංකුවලට දේපොළ පවරා ගැනීමේ අයිතිය අහිමි කර නොමැති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ. ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලැබේ.
නීති විරෝධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද එම දුම්වැටි සොයාගත් බව සඳහන් ය. දුම්වැටි 600ක් මෙලෙස විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 42ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සමන් රත්නායක මහතා, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර, පැය 09කට අධික කාලයක් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරු ව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සිද්ධිය පිළිබඳ සමන් රත්නායකට චෝදනා එල්ල වී ඇත.