Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්පිටියේදී සිදුකළ ඝාතනයේ තොරතුරු රැසක් එළියට
    Featured

    ඇල්පිටියේදී සිදුකළ ඝාතනයේ තොරතුරු රැසක් එළියට

    By LFNMarch 10, 2024No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී ඊයේ (09) සොයා ගැණුනි.

    ඇගේ මස්සිනා විසින් ඇයව පැහැරගෙන ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

    එසේ ඝාතනය කර තිබුණේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නමැති තරුණියකි.

    ඇගේ සහෝදරිය ඇල්පිටිය මන්නකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇගේ දරු දෙදෙනා බලාගැනීම සඳහා මාස එකහමාරකට පෙර හංසිකා ඒ නිවස වෙත ගොස් තිබුණි.

    ඒ අතරතුර සහෝදරියගේ සැමියා සමග ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව සඳහන් ය.

    හංසිකාගේ පියා පවසන්නේ, පසුගිය පෙබරවාරි 23 වැනිදා නිවසට පැමිණි සිය බෑනා සිය බාල දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.

    “23 ඇවිත් බලෙන් අරන් ගියා. අපි ගහලා අරගෙන ආවා.”

    පසුව යළිත් වතාවක් හංසිකාගේ නිවසට පැමිණි මස්සිනා ඇය පසුගිය දිනක යළිත් රැගෙන ගොස් තිබේ.

    ඒ අතරවාරයේ හංසිකා දුරකථන ඇමතුමක් ලබාදී මවට පවසා ඇත්තේ බලහත්කාරයෙන් රඳවා තබා සිටින තමාව බේරාගන්නා ලෙසය.

    හංසිකාගේ පියා – “ආපසු ඇවිත් එයාව අරන් ගිහින්. හැමතැනම හෙව්වා හම්බවුණේ නැහැ. 5 වැනිදා එයාම කිව්වාම තමයි අපි දන්නේ.”

    ප්‍රශ්නය – එතකොට හිරකරගෙන වගේද ඉඳලා තියෙන්නේ?

    හංසිකාගේ පියා – “කොහෙවත් යන්න දීලා නැහැ. කේක් කඩේක වැඩකරලා තියෙනවා. ඒ අතර තමයි කෝල්කරලා තිබුණේ. අම්මා ගිහින් 5 වැනිදා රෑ අරන් ආවා. 6 වැනිදා පොලිසියට පැමිණිලි කළා”

    පැමිණිල්ල විභාග කිරීමට පොලිසියෙන් කළ දැනුම්දීමට අනුව හංසිකා මව සහ සහෝදරියක් සමග ත්‍රි රෝද රථයකින් ඇල්පිටිය පොලීසිය වෙත යමින් සිට ඇත්තේ, පෙරේදා උදෑසනය.

    එහිදී තවත් දෙදෙනෙකු සමග පැමිණි මස්සිනා ඇයව ත්‍රිරෝද රථයෙන් බලහත්කාරයෙන් බස්සවාගෙන තවත් ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් තිබේ.

    ඒ් පිළිබඳව හංසිකාගේ මව්පියන් ඇල්පිටිය පොලීසියට යළි පැමිණිලි කර තිබුණි.

    නමුත් පැමිණිල්ල විභාග කිරීමටත් පෙර කරන්දෙණිය තල්ගහවත්ත ගඟපාර ප්‍රදේශයේ තේ වත්තකදී ඊයේ උදෑසන ඇගේ සිරුර දැක තිබුණේ ගම්වාසියෙකු විසිනි.

    මූලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් ගෙල කපා වෙනත් ස්ථානයකදී ඇයව ඝාතනය කර ඇගේ නිසල සිරුර තේ වත්තට ගෙනැවිත් දමා ඇති බවය.

    ඇයව පැහැරගෙන ගිය මස්සිනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.