Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැණික් ගලක් නිසා හොරණ ව්‍යාපාරිකයෙක් පැහැරගනී
    Featured

    මැණික් ගලක් නිසා හොරණ ව්‍යාපාරිකයෙක් පැහැරගනී

    By LFNMarch 10, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ.

    පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර කප්පම්කරුවන් සූක්ෂම ලෙස කොටු කරගැනීමට මොරගහහේන පොලීසිය සමත්වී ඇත.

    හොරණ කෝරලඉම තේවත්තපාර ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයාට හලාවත ප්‍රදේශයේ හිතවතෙකු මැණික් ගලක් ලබාදී තිබු‍ණේ එය අලෙවිකරදෙන ලෙස ඉල්ලමිනි.

    ව්‍යාපාරිකයා මැණික් ගල රුපියල් ලක්ෂ 10ක මුදලකට මහරගම ප්‍රදේශයේ ශාන්ත නම් හිතවතෙකු මාර්ගයෙන් ගැණුම්කරුවෙකුට අලෙවිකර තිබුණි.

    පිළියන්දල ප්‍රදේශයේ මාර්ගයක් අසල ගනුදෙනුව සිදුකර තිබූ අතර පසුව මැණික් ගල මිලදීගත් ගැණුම්කරුවා දින කිහිපයකට පසු ශාන්ත නමැති පුද්ගලයාට පවසා තිබුණේ මැණික් ගල ව්‍යාජ එකක් බවය.

    මහරගම ශාන්ත නමැති පුද්ගලයා තවත් තිදෙනෙකු සමග පෙරේදා රාත්‍රී 1.00ට පමණ රෙදිපිළි ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඇති අතර ඔහු සමග යමක් පැවසීමට ඇති බව පවසා ව්‍යාපාරිකයාව මෝටර් රථයට නංවාගෙන රැගෙන ගොස් තිබේ.

    ව්‍යාපාරිකයා දිවුලපිටිය ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් පහරදෙමින් දින කිහිපයක් රඳවාගෙන ඇති අතර ව්‍යාපාරිකයාව මුදාහැරීමට නම් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාදෙන ලෙස බලකරමින් පැහැරගත් පිරිස ඔහුගේ බිරිඳට අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් තර්ජනය කර තිබේ.

    ව්‍යාපාරිකයාගේ බිරිඳ මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිළි කර තිබූ අතර පොලීසියෙන් ලද උපදෙස් මත කප්පම් මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩුකර ගැනීමටත් එය ලබාදීමටත් එකඟවී තිබේ.

    ඊයේ පස්වරුවේ කප්පම් මුදල ලබාගැනීම සඳහා පැමිණෙන අතරතුර මොරගහහේන පොලීසිය විසින් මිල්ලෑවත්ත ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.