Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාගානන්ද කොඩිතුවක්කුට මහජන සුබසාධන නඩුකරවලටත් පෙනී සිටීම තහනම්
    Featured

    නාගානන්ද කොඩිතුවක්කුට මහජන සුබසාධන නඩුකරවලටත් පෙනී සිටීම තහනම්

    By LFNMarch 2, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිඥභාවය අහෝසි කෙරුණු නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් මතුවට මහජන සුභසාධන නඩුකර සඳහා ද පෙනී සිටිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

    නාගානන්ද කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පසුගිය (29) දින ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවේ මේ බව සඳහන් කර ඇත.

    ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරන ලදී.

    නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් දිවුරුම් පෙත්සමක් තුළින් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ට අවමන් සහගත ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම තුළින් වෘත්තීය විෂමාචාර ක්‍රියාවක නිරත වූ බවට චෝදනාකොට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනුකර තිබිණි.

    එම චෝදනා පත්‍රය විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලට වගඋත්තර නාගානන්ද කොඩිතුවක්කු මහතා වරදකරු කරන බව සඳහන් කළේය.

    ඉන් අනතුරුව ඒ මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මින් මතුවට මහජන සුබසාධන නඩුකරවලට පෙනී සිටිය නොහැකි බවත් අදාළ තීන්දුවේ සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.