Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙළිය ඇතුළු 7 දෙනා යළිත් රිමාන්ඩ්
    Featured

    කෙහෙළිය ඇතුළු 7 දෙනා යළිත් රිමාන්ඩ්

    By LFNMarch 1, 2024No Comments3 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (29) යළි කැඳවූ අවස්ථාවේදීය.

    මේ අතර, ඔහු සිය රෝග තත්ත්වය පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය මගහැර ඇති බව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අනාවරණය වී තිබේ.

    ඒ් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

    මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා සිටගෙන සිටීමේ අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුට අසුනක ඉඳගෙන සිටීමට අවස්ථාව දෙන ලෙසය.

    ඊට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය කියාසිටියේ හිටගෙන සිටීමේ අපහසුවකින් පෙළෙන ඕනෑම සැකකරුවෙකුට විත්තිකූඩුවේ අසුන්ගත හැකිබවය.

    පසුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙරදින අධිකරණට ඉදිරිපත් නොකිරීමට හේතු වූ රෝගී තත්ත්වය පරීක්ෂාවට පත්කළ නවදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුවාය.

    “ස්වාමීනී, මේ වනවිට මගේ අතට ලැබී ඇති එම විශේෂඥ වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පෙර දින අධිකරණයේ පෙනී නොසිටීමට තරම් බරපතළ රෝගී තත්ත්වය නොතිබූ බව. සැකකරුට ශ්වසන අසාත්මිකතාවක් හා පපුවේ වම්පස වේදනාවක් පැවත තිබුණද එය අධිකරණයේ පෙනී නොසිටීමට තරම් හේතුවක් නොවන බව මෙම කමිටුව සඳහන් කර තිබෙනවා. එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සැකකරු බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කිරීමට තරම්වත් සංකීර්ණ රෝගී තත්ත්වයකින් පසුනොවූ බවයි. එබැවින් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස මා ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා ”

    එම ඉල්ලීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය මෙලෙස ප්‍රතිචාර දැක්වූවාය.

    “බන්ධනාගාර වෛද්‍යවරු දැනගන්න ඕනේ මේ වගේ නඩුවකට වෙනදා සැකකරුවන් සම්බන්ධයෙන් ලබාදෙන සාමාන්‍ය වාර්තා නොදෙන්න. මොකද, මෙහිදී එම වාර්තාව විනිසුරුවරයාගේ තීරණයට ද බලපාන්න පුළුවන්. එබැවින් නීතිපති මැදිහත්වෙලා වෛද්‍ය සභාව සමඟ එකතු වෙලා බන්ධනාගාර වෛද්‍යවරු අධිකරණයට සත්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන ආකාරයට සුදුසු කාර්ය පටිපාටියක් හදන්න”

    අනතුරුව මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නකර සිටියේ ප්‍රශ්නගත එන්නත සම්බන්ධ සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ මැදිහත්වීම කෙබඳු ද යන්නයි.

    ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය.

    “ස්වාමීනී, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකා සාදා තියෙන්නේ වෛද්‍ය සමන් රත්නායක යටතේ තිබූ වෛද්‍ය නිෂ්පාදන හා සැපයුම් නියාමන අංශය තුළයි. එමෙන්ම අද දිනය වනතුරු විමර්ශන නිලධාරීන්ට සොයාගැනීමට නොහැකි වූ අදාළ කැබිනට් පත්‍රිකා සැකසීමට මුල්වූ ලේඛන ඇතුළත් මුල් ගොනුව පිළිබඳ වගකිව යුතු තැනැත්තාද ඔහුයි. එබැවින් මෙම නඩුවට අදාළ වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට අද පෙරවරුවේ CIDය හමුවේ පෙනීසිටින ලෙස ඊයේ දින ඔහුගේ කුරුණෑගල ස්ථිර ලිපිනයට අප ලිඛිතව දැනුම් දුන්නා. එය ඔහුගේ බිරිඳ භාරගත්තා. එහෙත් ඊයේ සිට අද උදෑසන වනතුරුම ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනය ක්‍රියාවිරහිතයි. එමෙන්ම ඔහු තාවකාලිකව පදිංචිවී සිටින බවට විමර්ශන නිලධාරීන්ට දී තිබෙන්නේ ව්‍යාජ ලිපිනයක්. කෙසේවෙතත් ඔහු අද දහවල් අපගේ විමර්ශන නිලධාරියෙකුට කෙටි පණිවිඩයක් එවා තිබුණා පෞද්ගලික කටයුත්තක් සඳහා ඊයේ සහ අද නිවාඩු ලබාගත් බවට. මේ වනවිට ඔහු සිටින්නේ වනාතවිල්ලුවේ බැවින් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කරලා. එහෙත් ස්වාමීනි ඒ කියූ දේ ගැන අප කළ විමර්ශනයේදී අපට අනාවරණය වුණේ ඊයේ සහ අද නිවාඩු ලබාගත් බව ඔහු අපට පැවසුවත් ඊයේ සවස්වරුව වනතෙක්ම සිය කාර්යාලයේ රාජකාරී කර ඇති බවයි. එබැවින් ස්වාමීන් මෙම සියලු කරුණු සලකා බලා හෙට පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස ඔහුට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ”

    කෙසේවෙතත් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය පැවසුවේ කිසියම් පුද්ගලයෙකු විමර්ශන මගහරින්නේනම් ඊට අදාළ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.