Author: LFN

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. විපක්ෂය කථානායකවරයාට චෝදනා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරයි.

Read More

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ. එම සංචිතය පහතින්.

Read More

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී ඊයේ දහවල් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් පැවසුවේ ඊයේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවය. කෙසේ වෙතත් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බවද මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ඩුබායීහී රැඳී සිටින රවී නැමැත්තෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 3ක කොන්ත්‍රාත්තුවක් මත වැල්ලේ සාරංගගේ මස්සිනා ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට පොලීසිය අනාවරණ කරගෙන තිබේ. වැල්ලේ සාරංග නම් අපරාධකරුගේ මස්සිනාව මහබාගේ, ඇලපිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළේ පසුගිය 21වනදාය. මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි යතුරුපැදිකරු සූරියවැව ආඬිගම ප්‍රදේශයේදී අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකාය ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත්තේය. එහිදී අනාවරණ වී තිබුණේ වෙඩික්කරු යුද හමුදාවේ සක්‍රීය සේවයේ නිරතව සිටින අයෙක් බවය. සැකකරුවන්ගෙන්…

Read More

කුඩා දරුවෙක් පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරියක විසින් අපහසුතාවට පත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. මේ පිළිබඳ අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය. එහිදී ඔවුන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.

Read More

පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන සිදුකළ බව කියන චෝදනා මත චීවරධාරියෙකු හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඅඩංගුවට ගෙන ඇත. හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කෙරුණු සැකකාර චීවරධාරියා රුපියල් ලක්ෂ 05 බැගින්වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. චීවරධාරියෙකු අතින් අපයෝජනය වී ඇතැයි වාර්තාවන්නේ වයස අවුරුදු 13ක පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙකි. චෝදනාවට ලක්වූ චීවරධාරියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කරන බවද වාර්තා වෙයි. අපයෝජනයට ලක්වූ බව කියන කුඩා දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙක් මීට දින කිහිපයකට පෙර අසනීප වී ඇති අතර ඊට ප්‍රතිකාර කිරීම සඳහා එම මව්පියන් දරුවා මෙම හිමිනම හමුවට රැගෙන ගොස් තිබේ. දරුවා දින කිහිපයක් එහි රඳවාගෙන පූජාවක්…

Read More

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට ලබාදීම සඳහා රහසිගව හෙරොයින් මත්කුඩු රැගෙන ආ බිරිඳක් ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඇය විසින් සැමියාට ලබාදීම සඳහා කුකුල් මස් පාර්සලයක් රැගෙනවිත් ඇති අතර එහි මස්කටු අතර හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන පැමිණ ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ් බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව කළුතර උතුර පොලීසියට භාරදී තිබුණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි පයාගල මුලටියන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. සැකකාර කාන්තාව අවුරුදු 06ක් වයසැති සිය දියණියද සමග මෙලෙස පැමිණ තිබූ බවද පොලීසිය පැවසීය. එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 550ක් තිබී සොයාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇතැයි විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එහිදී දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දෙවන සමාලෝචනය අවසන්වීමෙන් පසුවන කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු…

Read More

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ 2024 අන්තර් ආගමික සමුළුවට එක්වෙමින් ජනපති මෙම අදහස් පළකළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම තානාපතිවරුන්ද එක්ව සිටියේය.

Read More