Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යතුරුපැදිකරුගෙන් රු 10,000ක් අල්ලස් ඉල්ලූ පොලීසියේ දෙදෙනා
    Featured

    යතුරුපැදිකරුගෙන් රු 10,000ක් අල්ලස් ඉල්ලූ පොලීසියේ දෙදෙනා

    By LFNFebruary 28, 2024No Comments2 Mins Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදි නඩුවකට අදාළ ව පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත ලබාදීම සඳහා එම යතුරුපැදිකරුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඉත්තෑපාන පොලීසියේ සැරයන්වරයෙකු හා ආධුනික කොස්තාපල්වරයෙකු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (27) නියෝග කළේය.

    යගිරල ප්‍රදේශයේ පදිංචි දිමුත් මධුශංක නැමැති පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    පැමිණිලිකාර පුද්ගලයා යතුරුපැදියෙන් ඉත්තෑපාන ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටින අතරතුරදී මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සතු රියදුරු බලපත්‍රයද සිය භාරයට ගෙන ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට දඩ පත්‍රිකාවක් ලබාදී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දැන්වීය.

    දඩ පත්‍රිකාව ලබාගෙන ඇති පැමිණිලිකාර පුද්ගලයා ඉත්තෑපාන තැපැල් කාර්යාලය වෙත ගොස් අදාල දඩ මුදල ගෙවීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා එම පොලිස් ස්ථානය වෙත ගොස් ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

    පැමිණිකාර පුද්ගලයා පොලිස් ස්ථානය වෙත ගොස් අදාළ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී එය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක්ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කළ යුතුව ඇති බවත් ඒ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගැනීම සඳහා රුපියල් 10,000ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද එම කොමිසමේ නිලධාරින් අධිකරණයට දැන්වීය.

    එම මුදල ලබාදීමට කැමැත්ත පළකර ඇති පැමිණිකාර පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඒ අනුව එහි නිලධාරීන් කීපදෙනෙකු එම පොලිස් ස්ථානය වෙත ගොස් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොලිස් සැරයන්වරයා සහ ඔහුට සහාය ලබාදුන් සෙසු කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවද එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.