Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස්පති වෙනුවෙන් ආ හිමිවරු
    Featured

    පොලිස්පති වෙනුවෙන් ආ හිමිවරු

    By LFNFebruary 28, 2024No Comments3 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨාධිකරණයේදි ඊයේ (27) පෙරවරුවේ සලකා බැලුවේය.

    එහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ හත් නමකට අවසර දෙන ලෙස ඉල්ලා මෝසමක් ගොනුකර ඇති බවයි.

    එලෙස මෝසම ගොනුකර ඇත්තේ කොට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම හිමි සහ ප්‍රවීන ධර්මදේශක පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි වෙති.

    මෙහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම මේ වන විට සිදුකොට අවසන් හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

    වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාද මෙහිදී කරුණු දැක්වීය.

    “ස්වාමීනී, ඊයේ දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා මාගේ සේවාදායකයාව පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. එම තත්ත්වය හමුවේ මෙම පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඔහුගේ පත්කිරීම තුළ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනත් නඩුවක් ගොනුකළ යුතුයි.”

    පසුව පෙත්සම්කරුවෙකු වන අරගල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

    “ස්වාමීනි, වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩබලන පොලිස්පති ධුරකාලය මේ මස 29 වනදා අවසන් වීමට නියමිතව තිබුණා. ඒ නිසයි අධිකරණය අදාළ පෙත්සම් අද දින සලකා බැලීමට දින නියම කළේ. එසේ තිබියදී වගඋත්තරකරුව ඊයේ දින පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේක නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක්. මාගේ පෙත්සමෙන් පොලිස්පතිවරයා පත් කිරීමත් අභියෝගයට ලක් කර තිබෙනවා. ඒ නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැහැ.”

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා කියා සිටියේ නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

    එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස කරුණු පැහැදිලි කළේය.

    “මෙම නඩුකරවලට අදාළව ඊයේ දින විශේෂ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන් වෙනවා. ඊට අදාළ තොරතුරු මෙම පෙත්සම් වල අන්තර්ගත කර නැහැ. උදා වී තිබෙන අලුත් තත්ත්වයන් පිළිබඳ තොරතුරු නොමැතිව අධිකරණයට තීන්දුවක් ගැනීමට අපහසුයි. එබැවින් නව තත්ත්වයට අදාළ තොරතුරු ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බව පෙනීයනවා.”

    ඒ අනුව නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ සියලු ලිපි ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

    මේ අතර බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු වන එම්.බී.වී. රැළපනාව මහතා පොලිස්පතිධුරයට එරෙහිව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවු අවස්ථාවේ නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    අදාළ පෙත්සම ගොනුකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙත්සම්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදි ඊට අදාළව පැමිණිල්ල ගොනුකළේ කවුද? සහ පැමිණිල්ලේ අන්තර්ගතය කුමක්ද යන්න තමන්ට පහදා නොදීම තුළ සිය මූලික අයිතිවාසිකම් කඩවූ බව දක්වමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.