Author: LFN

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවය.

Read More

අද (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව සඳහන් වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…

Read More

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස අයදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවය. එසේම 29 වනදායින් පසුව එම සබැඳිය වසාදැමෙන බැවින් ඊට පසුව කිසිදු ආකාරයකින් අයදුම්කරුවෙකුට තොරතුරු ලබාදිය නොහැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි. නිෂ්පොදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන…

Read More

පුහුණු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමෙන් ජීවිත අවදානමකට පවා ලක්විය හැකි බව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් අනාවරණ කළේ එවැනි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් රැසක් ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටින බවය. නිසි සුදුසුකම් නැති වෛද්‍යවරුන් ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමේදී මතුවන අවධානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. මේ අතර පසුගියදා මහනුවර පෞද්ගලික රෝහලකදී සිදුකළ උදරයේ තැන්පත්ව තිබූ ලීටර 13.5 ක මේදය ඉවත්කිරීමේ සැත්කමද රෝගී ජීවිත අවදානමක් සහිත සැත්කමක් බව එහිදී වෛද්‍යවරුන් අනාවරණ කළේය. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ විශේෂඥ වෛද්‍ය අමිල ශසංක රත්නායක මහතා, “මහනුවර…

Read More

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ දහවල් සිදකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ 55 හැවිරිදි මොහොමඩ් රිල්වාන් නමැති පුද්ගලයෙකි. මේ වනවිට අනාවරණය වී ඇත්තේ වෙඩිවැදුණු තැනැත්තා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩුකන්නාගේ සමීපතයෙකු බවටය. ඔහු හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි. කලක පටන් පූකුඩුකන්නා සහ කුඩු සෙල්විගේ පුතාවන රිමෝෂන් නැමැත්තා අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි. ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ නිව්හැම් චතුරස්‍රයේදී ඊයේ (25) දහවල් 1.45ට පමණ එම වෙඩි තැබීම සිදුකර තිබුණි. එහිදී තුවාල ලැබූ රිල්වාන් නමැති එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.…

Read More

අරාබි මුහුදේ ගුජරාට් වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටි පුරාණ ද්වාර්කා කෝවිලේ ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් සිදුකළ පූජාවකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (25) සහභාගි වී තිබුණි. ප්‍රසිද්ධ පුරාණ ද්වාර්කා කොවිල කලකට පෙර සශ්‍රීක නගරයක් වූ අතර එය සියවස් ගණනාවකට පෙර දී මුහුදට යට වී ඇතැයි විශ්වාස කෙරේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ පුරාණ ද්වාර්කා කෝවිලේ නටබුන් පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කර ඇති අතර දිය යටදී එය දැකගත හැකි බවය. අගමැති මෝදි ද කිමිදුම් ඇඳුමින් සැරසී එම පූජාව පැවැත් වූ ආකාරය දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍ය පුරා පැතිරී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ක්‍රිෂ්ණ දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොණර පිහාටු රැගෙන අගමැති…

Read More

තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පුද්ගලයින් පස්දෙනෙකු ගමන්කර ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූ 33 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථයේ රියදුරු, 15 හැවිරිදි වියේ පසුවන පිරිමි ළමයෙකු, 14 හැවිරිදි වියේ පසුවන ගැහැණු ළමයෙකු සහ මාස 11ක කුඩා බිළිඳෙකු ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් තුවාල ලැබූ බිළිඳාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුර සමබන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ…

Read More

පාසල් දරුවන් සඳහා විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ඇරඹීමට ජනපති තීරණය කර ඇත. මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාවම ආවරණය වන අයුරින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් 100,000 ක් තෝරාගෙන ඔවුන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව මෙම සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3,600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී පවුල්වල දරුවන් මුහුණ දෙන පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සපයා ගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වැනි කටයුතුවල දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා යම් අස්වැසිල්ලක් සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත. ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන්…

Read More

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාපිටිය ප්‍රදේශයේ පසුගිය (24) පැවති උත්සවයකදීය. මේ අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉතිරි විෂයන් 03 සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවය. එමෙන්ම, ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවත් මේ වනවිට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති…

Read More

අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම ප්‍රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත. එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බව ද එම සමාගම දක්වා තිබේ. එසේම, ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත. නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බව ද දක්වා තිබේ.

Read More