Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලස්සන වෙන්න මෙහෙම කළොත් උරුමය මරණයයි
    Featured

    ලස්සන වෙන්න මෙහෙම කළොත් උරුමය මරණයයි

    By LFNFebruary 26, 2024No Comments1 Min Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුහුණු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමෙන් ජීවිත අවදානමකට පවා ලක්විය හැකි බව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

    ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් අනාවරණ කළේ එවැනි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් රැසක් ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටින බවය.

    නිසි සුදුසුකම් නැති වෛද්‍යවරුන් ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමේදී මතුවන අවධානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    මේ අතර පසුගියදා මහනුවර පෞද්ගලික රෝහලකදී සිදුකළ උදරයේ තැන්පත්ව තිබූ ලීටර 13.5 ක මේදය ඉවත්කිරීමේ සැත්කමද රෝගී ජීවිත අවදානමක් සහිත සැත්කමක් බව එහිදී වෛද්‍යවරුන් අනාවරණ කළේය.

    එහිදී අදහස් දැක්වූ එම සංගමයේ විශේෂඥ වෛද්‍ය අමිල ශසංක රත්නායක මහතා,

    “මහනුවර ‍පෞද්ගලික රෝහලක ලෝක වාර්තාවක් තිබ්බා කියලා නිව්ස් එකක් ගියා. ඒ නිව්ස් එකේ ගියේ එක්තරා ශල්‍ය වෛද්‍යවරයෙක් අවුරුදු 62ක කාන්තාවකගේ උදරයේ තැන්පත්ව තිබූ ලීටර 13.5 ක තෙල් ඉවත් කරලා කියලා. මෙවැනි සැත්කමකදී ලීටර 8කට වඩා ඉවත් කරන්නේ නැහැ. හේතුව, ඒක ජීවිතයට අවදානමක්. ඒක මේදය අඩුකරන සැත්කමක් නෙවෙයි. ඒක ශරීරයේ හැඩය නැවත ලබාගන්න කරන සැත්කමක්. හැඩය ලබාගන්න ජීවිත අවධානමට ලක්කරන්නේ නැහැ. එම රෝගියා සැත්කමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා නැවත නැවත රෝහල්ගතකරලා ඉතාම අසිරු තත්ත්වයකින් ඉන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.