Author: LFN
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම පිළිබඳව කරුණු සෙවීමට සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත්කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ සමහර රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වී ඇත. ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිත ව තිබේ. කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කරන්නේ, එහි දී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි. විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය පසුගිය 22 වැනි දා උපයෝගිතා කොමිසම වෙත භාර දී තිබිණි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ විදුලි ගාස්තු මෙවර සංශෝධනයේ දී අඩු කිරීමට මෙමඟින් යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලික ව වසා දැමීමට පියවර ගෙන තිබේ. ගත වූ දින කිහිපය තුළ එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිප දෙනෙකු මිය යාම සැලකිල්ලට ගනිමින් ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා විය. විෂබීජ ආසාධනයක් හෝ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය හෝ උපකරණවල ගැටලුවක් මෙම තත්ත්වයට හේතු වී ඇති ද යන්න සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කර තිබුණ ද…
කහතුඩුව – රිලාවල ප්‍රදේශයේ දී ඊයේ (23) පස්වරුවේ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ. කහතුඩුව පොලීසිය පැවසුවේ, තුවාලකරු මේ වන විට වෑතර දිසාරෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි. කහතුඩුව දෙස සිට පැමිණි යතුරු පැදියක් හොරණ – කොළඹ මාර්ගයේ මත්තෙගොඩ දෙසට හැරවීමේ දී කොළඹ සිට පැමිණි මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදු ව තිබේ. යතුරුපැදිකරුගේ සහ මෝටර් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සිදු කළ විමර්ශනවල දී හෙළි වී ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මේ වර්ෂයට වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින් බිලියන 180ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද යම් පසුබෑමක් ඇතිවුව ද මේ වන විට එම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුවට සහභාගි වෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 2015 වසරේ දී ආරම්භ කරන ලද මෙම සංගමය මෙරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සේවා සැපයීමෙන්…
විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ආර්ථිකය කඩාවැටුණු පවුල්වල දරුවන් ලක්ෂයක පමණ පාසල් ගමන අතරමඟ නතර වී ඇති බවට ආර්ථික පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය වී තිබේ. එම සභාවේදී ප්‍රකාශ වූයේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් මහජන උපයෝගිතා කොමිසම ඊට වගකිව යුතු බවය. මීට අමතරව විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් පසුගිය වසර තුළ කර්මාන්ත දෙලක්ෂ පනස් දහසක් පමණ වැසී ගොස් ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය විය. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට පසුගිය (22) දිනයේ දී කර්මාන්ත අමාත්‍යාංශය, මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල…
මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුර වෙත තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් දෙකක් පැමිණිමට නියමිතව ඇති බවට තමාට වාර්තා වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. තානාපතිවරයා පවසන්නේ එම කඳවුරේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට නොහැකි පසුබිමක තවත් කණ්ඩායමක් එම කඳවුරට පැමිණීමෙන් ගැටලුව විසඳීම අසීරු වන බවය. තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන ලෙස මෙරට වැඩිහිටියන්ගෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ඉල්ලා සිටියි. මේ අතර, විදුලි සැර වැද්දවීම, කසයෙන් තැලීම වැනි වධ හිංසා දීම ත්‍රස්තවාදීන් තවත් වැඩිකර ඇති බව ග්‍රහණයේ සිටින ලාංකිකයෝ පවසති.
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකර සැඟව සිටි කාන්තාවක් මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. 51 හැවිරිදි සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ජපානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 250කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි 100ක් පමණ වංචාකර ඇත. පසුව ඇය ගනුදෙනුකරුවන් මඟහරිමින් අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශවල සැඟව සිට ඇති අතර ඇයට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා වැටලීම් ඒකකයට පමණක් පැමිණිලි 180ක් පමණ ලැබී තිබේ. සැකකාරියට මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 36ක් සහ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූණ ද ඇය විවිධ ප්‍රදේශවලට පළා යමින් සැඟව සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුරදීය. ඒහිදී ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට පත්වූ 13 දෙනාම බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන කොස්ගොඩ සුජීගේ සමීපතමයින් බව පැවසේ. වැඩිදුරටත් හෙළිවී ඇත්තේ කොස්ගොඩ සුජී එම පිරිස මුදාගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවය. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යය තවමත් ලක් රජයට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැත. සැකකරුවන්…