Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශබන්දුගේ පත්වීම ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්
    Featured

    දේශබන්දුගේ පත්වීම ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

    By LFNFebruary 27, 2024No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිව ඇති බවය.

    සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ වැළකී සිටිය බව විපක්ෂනායකවරයා පවසයි.

    එසේම එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ඔහු පවසයි.

    විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවය.

    ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව ඔහු සිය X පණිවුඩයෙන් පෙන්වාදෙයි

    මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇති බවය.

    ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගැන්වීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.