Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වකුගඩු රෝගීන්ගේ මරණ ගැන අලුත් සැකයක්
    Local News

    වකුගඩු රෝගීන්ගේ මරණ ගැන අලුත් සැකයක්

    By LFNFebruary 26, 2024No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමට හේතුව ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක් දැයි රෝහලේ වෛද්‍යවරු සැක පළ කරති.

    පසුගිය දින කිහිපයේදී එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකු මරණයට පත් වීම සැලකිල්ලට ගනිමින් එම ඒකකය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් පසුගිය 23 වැනිදා පියවර ගෙන තිබිණි.

    මේ සඳහා බලපා ඇති හේතුව අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව රුධිර කාන්දුකරණය සහ රුධිරය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පියවර ගෙන ඇත.

    මීට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර නියමිත රෝගීන් කුලියාපිටිය, නාරම්මල, දඹදෙණිය, නිකවැරටිය සහ නිකවැව රෝහල් කරා යොමු කිරීමටද පියවර ගෙන ඇත.

    රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රියාවලියේදී සිරුරේ රුධිර පට්ටිකා මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීමෙන් පසුව ඇතිව සංකූලතා තත්ත්වයක් මත මෙම රෝගී මරණ සියල්ලම සිදුව ඇති බවද වාර්තාවේ.

    මේ පිළිබඳව කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව ප්‍රකාශ කළේ, සිදුව ඇති රෝගී මරණ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවය.

    පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිකාර ලබමින් සිටි අනෙකුත් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් රෝහලෙන් ඉවත් කර නිවෙස් කරා යැවීමට පියවර ගත් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (26) කුරුණෑගලට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.