Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ආහාර ඇණවුම ප්‍රමාද වූ බව පවසා විදෙස්ගත ලාංකිකයකුට වෙඩි තබලා
    Hot News

    ආහාර ඇණවුම ප්‍රමාද වූ බව පවසා විදෙස්ගත ලාංකිකයකුට වෙඩි තබලා

    By LFNFebruary 24, 2024No Comments3 Mins Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

    රාජාංගණයේ පදිංචි කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති 44 හැවිරිදි දෙදරු පියකුට මෙසේ වෙඩි තබා ඇත.

    මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය.

    ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි.

    වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

    වෙඩි වැදීමෙන් පසු තුවාලකරු, සිය මෝටර් රථයෙන්ම නැවත පැමිණ ඇති අතර, අතරමඟ රථය නවතා සිය ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳ පවසා ඇත.

    ඉන් පසු ඔහු ව රෝහල්ගත කර ඇත.

    තුවාලකරුට 13 හැවිරිදි සහ 10 හැවිරිදි පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටින අතර, ඔහු ඉල්ලා සිටින්නේ, සාධාරණයක් ඉටු කර තමා ව ලංකාවට ගෙන්වාගන්නා ලෙසයි.

    තුවාල ලැබූ කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න මහතාගේ බිරිඳ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ අදහස් දක්වා තිබිණි.

    ”අපි අසරණ වෙලා. මටයි දරු දෙන්නටයි ඉගෙන ගන්න, පංති යන්න, ජීවත් වෙන්න විදිහක් නැහැ. අපි පදිංචි වෙලා ඉන්නෙ රාජාංගණය ප්‍රදේශයේ. මහත්තයා අවුරුදු 09ක් කුවේට්වල ප්‍රසිද්ධ හෝටලයක සකස් කරන ආහාර නිවාසවලට ඇණවුම් අනුව රැගෙන ගොස් භාර දෙන්නකු හැටියට සේවය කරනවා. එයා මෙහෙ පෙදරේරුවකු වශයෙන් සේවය කළා. දුවලා දෙන්නට අධ්‍යාපනය ලබා දෙන්න ඕන නිසා, ගෙයක් හදා ගන්න ඕනෑ නිසා එයා කුවේට්වල රැකියාවට ගියා. එයා තුන් පාරක් රට ගිහිල්ලා තියෙනවා. එයා අන්තිම වරට කුවේට් ගියේ 2022 ඔක්තෝම්බර් මාසෙ 25 වැනි දා. මහත්තයා කුවේට්වල දිගු කලක් සේවයේ නිරත වී සිටින නිසා, එහෙ පාරවල් ගැන හොඳටම දන්නවා. එදා 2024 ජනවාරි මාසයේ 10 වැනි දා අලුයම 04.00ට ජහරා ප්‍රදේශයේ පුද්ගලයෙකුට ආහාර ඇණවුමක් භාර දීමට පිටත් වෙලා තියෙනවා. ඒත් යා යුතු ගමන් මාර්ගය සහ භාර දිය යුතු ස්ථානය (Location) වැරදියට දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇණවුම භාර දීමට නියමිත ස්ථානය යළිත් හෝටලයට කතා කරල හොයා ගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙලා තියෙනවා. අවසානයේ නියමිත ස්ථානයට ගිහිං ආහාර ඇණවුම භාර දෙන්න හදන විට, එය භාර ගන්න සිටි පුද්ගලයා වෙඩි දෙකක් තියලා තියෙනවා. ඒ වෙඩි පහර කාගෙන, එයා මෝටර් රථයෙන් ටික දුරක් ඇවිත්, බැරි තැන එයාගෙ ඉන්දීය යාළුවෙකුට කතා කරල රෝහල්ගත වෙලා තියෙනව. එයාට රෝහලේ දී උගුරේ සිට බඩ දක්වා මැහුම් 40ක් දාලා තියෙනවා. දැන් ජනවාරි මාසයේ ඉඳලා අපිට ජීවත් වෙන්න මුදල් නැහැ. ලොකු දුව 08 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පොඩි දුව 05 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පංති යන්න විදිහක් නැහැ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.