Author: LFN

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය. මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන අමු ගවයෙක් පාර්ලිමේන්තුවේ සිටින බව සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ සම්බන්ධයෙන් කණගාටු වෙන බව කී අමාත්‍යවරයා ඔහුගේ ඔහු රටට මහතීර් මොහොමඩ්ලා,ලීක්වාන් යූ ලා,ගෙනැවිත් ලංකාව වට්ටපු වැටිල්ල ගැන හොඳට මතක බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ හරින් ප්‍රනාන්දු මහතා:- ඉන්දියාවේදී මා කළ ප්‍රකාශයක් පිළිබඳව ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.විනාඩි පහක කතාවක් කලාම දාන්නේ විනාඩි දෙකක කොටසක් පමණයි.විවිධ නාලිකා තමන්ගේ දේශපාලන මතයට ගැලපෙන අයුරින් කතා කෑලි කෑලි වලට කපා විකෘති කර…

Read More

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි.. කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ – අනෙකුත් (මිලට්), කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට් (අනෙකුත්) ආනයනයේදී මෙතෙක් පැවති කිලෝග්‍රෑමයකට රු. 70ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ත් ඉහළ නංවා ඇත. මීට අමතරව බඩඉරිඟු සඳහා ද රු. 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර තිබේ. මේ අතර බඩඉරිඟු,…

Read More

අද (21) උදෑසන මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ මස් වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමැත්තෙකු බව අනාවරණය වී තිබේ. මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ ඥාතියෙක් වන බවට ද තොරතුරු ලැබී ඇත. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මස් වෙළෙඳ සැලේ සහායට සිටි පුද්ගලයා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය. “මස් ටික එල්ලලා මම ත්‍රීවිල් එක මෙහෙට දාන්න ඕන නිසා අත හෝදන්න එළියට ආවා.…

Read More

වීසා නොමැතිව මෙරට රැදී සිටින චීන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන්නැයි එම චීන කාන්තාව ඊයේ (20) දහවල් අත්අඩංගුවට ගත්බව බේරුවල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මංගල මාවතේ පදිංචි 36 හැවිරිදි චීන කාන්තාවකි. වලංගු වීසා නොමැතිව චීන කාන්තාවක් බේරුවල මංගල පාරේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම පැමිණිල්ල විභාග කිරීම සඳහා එහි ගොස් ඇති බවත්, එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් එම පහරදීම සිදුව ඇති බවත් පොලීසිය පැවසීය. පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර ඇති බවත් , සැකකාර වීන කාන්තාව…

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවේ නිෂ්පාදිත එම රථය ඉරිදා ලැබුණු බව උතුරු කොරියාව පැවසීය. එම මෝටර් රථය පුටින් භාවිත කරන රථයට සමාන ලිමෝසීන් රථයක් බවත් එමගින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමට අපේක්ෂා කෙරෙන බවත් සඳහන් ය.

Read More

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන විදේශ අමාත්‍ය හුසේන් ආමේර් අබ්දුල්ලාහින් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30 පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය වන පරිදි සෙවනේ සිටින ලෙසත් හැකි තරම් ජලය පානය කරන ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසීය. විශේෂයෙන් අව් රශ්මියේ ගමන් කරන්නේ නම් හිස්වැසුමක් හෝ කුඩයක් භාවිත කරන ලෙසටද අත්‍යවශ්‍ය කාර්යයක් නම් අව් රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටින්නීය. පිපිඤ්ඤා කොමඩු වැනි දෑ නිරන්තර ආහාරයට ගැනීම තුළින්ද ශරීරයට යහපත් බව පෙන්වා දෙන වෛද්‍ය හේමා වීරකෝන් ජලය ටික ටික හෝ දිනයේ වැඩි අවස්ථා ගණනක් අනිවාර්යෙන්…

Read More

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා ඊයේ(20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ මහතා විසින් මීට පෙර දරන ලද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම නව පත් කිරීම සිදු කර තිබේ. දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

Read More