Author: LFN

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ. පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදුකරනු ලැබේ. 2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළ ද ඇතුළු ව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ ප‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය…

Read More

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කළේය. මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බල පැවැත්වේ. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ, කරුණු දක්වමින් හිටපු හමුදාපති දයාරත්නායක සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන්…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ ප.ව. 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-35 පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ. සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය. එහිදී රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය. අද ආරම්භ වන සමුළුව ලබන 22 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියු ඩොන්ග්යු ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් ද සමුළුව සඳහා එක්වනු ඇති බව සඳහන්ය.

Read More

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සංවේදී වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ කඳින් වෙන්කළ කාන්තා හිස කොටසක් රැගත් පුද්ගලයෙකු මහමග ගමන් කරන ආකාරයයි. මෙම අතිශය සංවේදී සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ජීවත්වන 30 හැවිරිදි වියේ පසුවන අනිල් කුමාර් නමැති පුද්ගලයා මෙලෙස මාර්ගයේ ගමන් කරන්නේ කපා වෙන්කළ සිය බිරිඳගේ හිස රැගෙනයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ බිරිඳ 28 හැවිරිදි වියේ පසුවෙයි. වසර කිහිපයකට පෙර විවාහ වී ඇති ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බව අනාවරණය වී තිබේ. ඔවුන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට එරට…

Read More

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. ඊයේ (18) පස්වරුවේ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි වෑන් රථයක් සහ මාතර ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි බස් රථයකි. අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු ගිනිගත්හේන රෝහලේ සිට නාවලපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත. වෑන් රථය ඉදිරියෙන් ගමන්කළ ලොරි රථයක් පසුකර යාමට උත්සාහ ගැනීමේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් වෑන් රථයට සහ බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර ගිනිගත්හේන පොලීසිය…

Read More

මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සඳහා පාසලේ තිබූ ලැප්ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවෙකුට ලිංගික හා නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප පෙන් වූ බවට සැකපිට එම පාසලේ ගුරුවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 07 වනදා සහ 09 වනදා පාසල් වේලාවේ දී මෙම ගුරුවරයා තමන්ව තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප පෙන්වූ බවට එම සිසුවා දෙමාපියන් සමඟ පැමිණ තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත. පසුව පොලීසිය අදාළ ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිර තිබේ. එහිදී සැකකාර ගුරුවරයාව අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. මෙලෙස…

Read More

හෙරොයින් ග්‍රෑම් 10ක් සමග “පැට්ටා” පානදුර ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අදාළ කාන්තාව සන්තකයේ තිබී උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ මුදලින් රුපියල් 2,247,450ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. සැකකාර කාන්තාව මේ වනවිට CIDභාරයේ සිටින කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නැමැත්තාගේ බිරිඳගේ වැඩිමල් සොහොයුරිය බවට හෙළිවී තිබේ. සැකකාර කාන්තාව විසින් තරංග නමින් හඳුන්වන සැකකරුගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය රහස් ප්‍රදේශයේ සඟවා සිය නිවස වෙත පැමිණි අවස්ථාවේ කළ වැටලීමකදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නිවසේ පොලිස් නිලධාරීන්ට ඇතුල්වීමට නොහැකිවන ලෙස පුහුණුකරන ලද දරුණුගණයේ සුනඛයින් සිව්දෙනෙකු ඇතිකරන බවද විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන ඇත.…

Read More

දිවයිනපුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම ඔස්සේ මේ වනවිට අපරාධකරුවන් 64,850ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140ක් සිටින අතර අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 8,710 ක් සිටින බව වාර්තාවෙයි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140 දෙනා අතරින් සැකකරුවන් 1,850 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 2,009 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත. නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,202 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති මුළු…

Read More

කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. විදුලිපංකාවක් අලුත්වැඩියාකරමින් සිටියදී ඔහුට මෙලෙස විදුලි සැර වැදී ඇති බවට පොලීසිය සැකපළ කරයි. මෑතක දී විවාහ වී ඔවුන් එම කුලී නිවසේ පදිංචිව සිට ඇත. මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ නිවසේ පැවති අනාරක්ෂිත විදුලි සැපයුමක් හේතුවෙන් බවට පොලීසිය සැකපළ කරයි.

Read More