Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අත්අඩංගුවට ගත් මහනුවර ගුරුවරයා රිමාන්ඩ්
    Featured

    අත්අඩංගුවට ගත් මහනුවර ගුරුවරයා රිමාන්ඩ්

    By LFNFebruary 19, 2024No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සඳහා පාසලේ තිබූ ලැප්ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවෙකුට ලිංගික හා නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප පෙන් වූ බවට සැකපිට එම පාසලේ ගුරුවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 07 වනදා සහ 09 වනදා පාසල් වේලාවේ දී මෙම ගුරුවරයා තමන්ව තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප පෙන්වූ බවට එම සිසුවා දෙමාපියන් සමඟ පැමිණ තෙල්දෙණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

    පසුව පොලීසිය අදාළ ලැප්ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිර තිබේ.

    එහිදී සැකකාර ගුරුවරයාව අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එම පාසලේ ඉගැන්වීම් කටයුතු කළ 53 හැවිරිදි තෙල්දෙණිය මඩපොළ ප්‍රදේශයේ පදිංචව සිටි ගුරුවරයෙකි.

    මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම සැකකාර ගුරුවරයා තවත් 12 හැවිරිදි සිසුවෙකු නෙල්ලි ඇහිඳීමට කියා විදුහල්පති නේවාසිකාගාරය අසළ ඇති කැලෑවකට රැගෙන ගොස් ඇති බවය.

    එහිදී බිම තිබූ බෝතල් කටුවකට එම සිසුවාගේ අත කැපී තුවාල වී ඇති බව එම සිසුවාගේ මව පොලීසියට ප්‍රකාශ කර තිබේ.

    අගතියට පත් පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.