Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
    Featured

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

    By LFNFebruary 20, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ.

    අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.

    එම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහත පරිදි වේ.

    * 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

    *එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනය සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

    *4 වන වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, සුදුසු පරිදි සංශෝධනය විය යුතුය.

    *61 (1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම්, එම අනුනුකූලතාවය ඉවත්ව යනු ඇත. ඊට අනුරූපව 72 (2) වගන්තිය ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය.

    * 75 (3) වගන්තිය ආණ්ඩු ව්‍යවස්ථාවේ 3 වන අවස්ථාව සමග කිව යුතු 4 (ඈ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, තුනෙන් දෙකක බහුතරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

    *83 (7) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

    *තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පමණක් පනත් කෙටුම්පත නීතියක් බවට පත්කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.