Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම දුන්නේ මෙහෙමයි
    Featured

    කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම දුන්නේ මෙහෙමයි

    By LFNFebruary 20, 2024No Comments2 Mins Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට රත්නපුර මහාධිකරණය ඊයේ (19) මරණ දඬුවම නියම කළේය.

    මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය එලෙස මරණ දඬුවම නියම කළේ වසර 12ක දීර්ඝ නඩු විභාගයකින් පසුවය.

    රත්නපුර, කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ ඝාතන පෙළ රටක් භීතියට පත්කරන්නට සමත්වුණි.

    එය හැඳින්වුණේ කොටකෙතන ඝාතන රැල්ල නමිනි.

    එම ඝාතන රැල්ලේ මව සහ දියණිය මරාදැමූ සිදුවීම් කිහිපයක් ද වාර්තාවූ අතර අදත් පුද්ගලයෙකුට මරණ දඬුවම හිමිවූයේ එවැනි සිද්ධියකටය.

    2012 වසරේදී ජූලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ ලියනාරච්චිගේ ප්‍රේමවතී නම් හැටතුන් හැවිරිදි මවක් සහ හේවාගේ පුෂ්පාකුමාරි නමැති තිස්දෙහැවිරිදි අවිවාහක දියණියකි.

    දියණිය දුෂණය කර තිබූ බවටත් එහිදී හෙළිවුණි.

    එම ඝාතනයට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු කහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර නීතිපතිවරයා විසින් එම සිව්දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු පවරනු ලැබීය.

    ඉන් එක් අයෙක් රජයේ සාක්ෂිකරුවෙකු කෙරුණු අතර සෙසු තිදෙනා නිදොස්කොට නිදහස් කෙරුණි.

    ඒ අනුව, ඝාතකයා කවුදැයි තහවුරු කරගැනීමට නොහැකි වීම මත කහවත්ත පොලීසිය සිද්ධියේ විමර්ශන යළි ආරම්භ කර තිබුණි.

    කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන DNA පරීක්ෂාවට ලක් කෙරෙන්නේ ඒ අනුවය.

    ඉන් එක් සැකකරුවෙකුගේ DNA සාම්පල කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ වෙනත් ඝාතන සිද්ධියකින් ලබාගත් සාම්පල සමග ගැළපී තිබේ.

    ඒ අනුව, මෙම මව සහ දියණියගේ ඝාතනයට අදාළවද එම සැකකරුගේ DNA සාම්පල පරික්ෂා කෙරෙන අතර එහිදී එම ඝාතනයටද අදාළ සැකකරුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවුණු බව වාර්තාවුණි.

    එම සැකකරුට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවරුණු අතර එම නඩු විභාගය වසර 12ක් පුරා පැවැත්වුණි.

    පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණයට අද සඳහන් කළේ මෙම චූදිතයා එම ඝාතනය සිදුකර ඇතැයි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවී ඇති බවයි.

    ඒ අනුව කරුණු සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය එම වරදකරුට අද මරණ දඬුවම නියමකළේය.

    මරණ දඬුවම නියමවූයේ කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන හතළිස් දෙහැවිරිදි නීල් ලක්ෂ්මන් නමැති පුද්ගලයාටය.

    අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රිය කර චූදිතයාට මරණ දණ්ඩනය පැනවූ විනිසුරුවරිය, ජනාධිපතිවරයා නියම කරන දිනක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළ චූදිතයාගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරා දැමීමට නියම කර ඇති බව සඳහන්ය.

    ඒ අනුව කොටකෙතන ඝාතන රැල්ලට අදාළව මේ වන විට වරදකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.