Author: LFN

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ය. රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි. පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මියගොස් තිබුණි. මියයන විට ඔහු 47 වන වියේ පසුවුණි.

Read More

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවැත්විණි. ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා පවර් 60 යන ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන් වෙත ඊට අදාළ මුදල් ත්‍යාග සහ වාහන ත්‍යාග පිරිනැමීම සහ ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් මෙහිදී සිදුවිය. මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අලුතින් හඳුන්වාදෙන “අද සම්පත” නව ලොතරැයි ටිකට් පත එළිදැක්වීම ද සිදු වූ අතර එම ලොතරැයියෙහි පළමු…

Read More

මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනය කළැයි චෝදනා මත සැකපිට දැරියගේ අසල්වාසී තරුණයෙකු සහ ඥාති පියපුතු දෙපොළක් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව එම සැකකරුවන්ව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි. ඉකුත් දෙසැම්බර් මාසයේදී එම දැරිය අපයෝජනයට ලක්වී ඇති අතර ඇය එම සිද්ධිය සඟවාගෙන සිට ඇති අතර පෙරේදා දිනයේදි ඇය ඒ පිළිබඳ මවට පැවසීමෙන් පසු මව මේ සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා විය.

Read More

ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් වැලිසර හා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඊයේ (16) ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය. ආදුරුප්පුවීදිය පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකුට, ඔවුන් බැලීමට පැමිණි පුද්ගලයෙකු විසින් වස සහිත කෑම ලබාදී තිබුණේ පසුගිය 7 වනදා ය. වස ශරීරගතවී රෝහල්ගත කළ පුද්ගලයා මේවන විට සුවය ලබා ඇති අතර සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ආදුරුප්පුවීදිය පොලීසියට භාරදුනි. මේ අතර සිද්ධියේ ප්‍රධාන…

Read More

හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙන් පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙයි. ඒ අනුව අද (17) රාත්‍රියේ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර සඳහා අලිඇතුන් 40ක් හා ශාස්ත්‍රීය නර්තන කණ්ඩායම් 85ක් එකතු වේ. ඒ අනුව හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරේ.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…

Read More

අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප සහ තොරතුරු පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ. බෙලිඅත්ත, වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. මොවුන් මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වන බවත් සැකකරුවන්ගේ පහත සඳහන් තොරතුරු හා ඡායාරූප පිළිබඳ යම් තොරතුරක් වෙතොත් හැකි ඉක්මනින් දැනුම් ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක… ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තංගල්ල කොට්ඨාසය – 071 8591488 ස්ථානාධිපති / බෙලිඅත්ත – 0718591497 සැකකරුවන්ගේ විස්තර පහතින් දැක්වේ. 01. නම – මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් 'චුටියා' නොහොත් මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර ලිපිනය – ඩෙන්මාර්ක් කොළණි, වෑරගොඩ, කහව,…

Read More

ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන සගයන් දෙදෙනෙකු වන “පෑලියගොඩ ශක්ති” හා “දිප්පිටිගොඩ ළහිරු” යන දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන ගණේමුල්ල සංජීව මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (15) බුළුගහ හන්දිය, කැලණිය ප්‍ර‍දේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය 62gයි 900mgක්, විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 38,330ක් පොලිස් භාරයට ගෙන තිබුණි. සැකකරුවන් කැලණිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිව සිටින…

Read More

ස්ථාන දෙකකදී සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලීසිය පවසයි. ඊයේ (15) සවස් කාලයේදී පරයනාලන්කුලම් පෙරියකට්ටු ප්‍රදේශයේ මල්වතු ඔයේ දියනාමින් සිටි 26 හැවිරිදි යුද හමුදා සෙබළෙකු දියේ ගිලී සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. ඔහු උඩමයිලපිටිය තලාතුඔය ලිපිනයේ පදිංචි සෙබළෙකි. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් 35 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මියගොස් තිබේ. බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක එලෙස ගැටී මියගොස් ඇත්තේ ඉහළ ලුණුගම, මණ්ඩාවල ලිපියනේ පදිංචි නාවික හමුදා සෙබළෙයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට ඉදිරිපත් කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරන ලද තීරණ සහ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එවකට අගමැති ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම ගොනු කර තිබුණි. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. එහිදී ජනාධිපති…

Read More