Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බීමත් පාපතරයා කළ අපරාධය
    Featured

    බීමත් පාපතරයා කළ අපරාධය

    By LFNFebruary 17, 2024No Comments2 Mins Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකරුවන් වැලිසර හා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඊයේ (16) ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

    ආදුරුප්පුවීදිය පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකුට, ඔවුන් බැලීමට පැමිණි පුද්ගලයෙකු විසින් වස සහිත කෑම ලබාදී තිබුණේ පසුගිය 7 වනදා ය.

    වස ශරීරගතවී රෝහල්ගත කළ පුද්ගලයා මේවන විට සුවය ලබා ඇති අතර සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ආදුරුප්පුවීදිය පොලීසියට භාරදුනි.

    මේ අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුට වස සහිත කෑම ලබාදුන් බව පැවසෙන තැනැත්තා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

    එම ප්‍රධාන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි මදුර්ෂන් නැමැති 26 හැවිරිදි අයෙකි.

    කුඩු සෙල්විගේ පුත්‍රයා සහ කංජිපානි ඉම්රාන් දුරකථනයෙන් ඔහු අමතා උදව්වක් ලෙස එම කෑම ගෙනගොස් දෙන මෙන් ඉල්ලා ඇති බව පොලීසිය කළ මූලික විමර්ශනයේදී හෙළිවී තිබුණි.

    සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.

    මේ අතර ප්‍රධාන සැකකරුට වස මිශ්‍ර කෑම ලබාදුන් මෙම රූප රාමුවල සිටින රත්නකුමාර් නිශාන්තන් නැමැති 31 හැවිරිදි පුද්ගලයාද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කොටහේන ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකරු පවසා ඇත්තේ, වෙනත් පුද්ගලයෙක් තමන්ට වස මිශ්‍ර ආහාර පාර්සලය ලබාදුන් බවය.

    එම ප්‍රකාශය විශ්වාස කළ නොහැකි බවත් මෙම පුද්ගලයා වසර 4ක් පමණ ඖෂධහලක සේවය කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

    මේ අතර සැකකරුවන් දෙදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඊයේ ඉදිරිපත් කරනු ලැබීය.

    ඉන්පසුව ප්‍රධාන සැකකරු වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුට දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.

    අනෙක් සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

    එම සැකකරුද දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

    මේ අතර ඊයේ දිවයිනට රැගෙන ආ කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන පියුමා නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ අවසර ලබාදුන්නේය.

    හරක් කටා හා කුඩු සළිඳු සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන්නේ ද මහජන පැමිණිලි අංශය මගිනි.

    මේ අතර පියුමා නැමැති සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඊයේ දහවල් ඉදිරිපත් කරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.