Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපති ලේකම් ගෙන් පෙත්සමක්
    Featured

    ජනාධිපති ලේකම් ගෙන් පෙත්සමක්

    By LFNFebruary 16, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට ඉදිරිපත් කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරන ලද තීරණ සහ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එවකට අගමැති ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම ගොනු කර තිබුණි.

    ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

    එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා නීතියක් මගින් ස්ථාපනය නොකළ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය නම්වූ රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් රජයේ මුදල් මිලියන 33ක් නීතිවිරෝධී ලෙස යෙදවූ බවට එම කොමිසම විසින් සමන් ඒකනායක මහතාට එරෙහිව චෝදනා කර තිබූ බව සඳහන් කළේය.

    ඒ අනුව ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙසත් රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කරන ලෙස අදාළ කොමිසම විසින් නිර්දේශ කර තිබු බව ඔහු කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් ඔහු ඉටුකරන ලද කාර්යයන් සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදුකර ඇති බැවින් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් නොව කැබිනට් මණ්ඩලය විසින් නිත්‍යනුකූලව පිහිටුවන ලද ආයතනයක් බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වාදී තිබේ.

    අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙත්සම් විභාගය කල් දමා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.