Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න ජනපති යයි
    Featured

    සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න ජනපති යයි

    By LFNFebruary 18, 2024No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

    මෙරට සංචාරක කර්මාන්තයේ සිදුවී ඇති නව පිබිදීමත් සමග සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපතිවරයා මෙලෙස පැමිණ තිබුණි.

    මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙත ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලීය.

    සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ බොහෝ ගැටලුවලට එම අවස්ථාවේම අදාළ නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර එම කර්මාන්තයේ දියුණුව උදෙසා ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ අදහස් ලබාගැනීමට ද කටයුතු කළේය.

    2023 වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,489,000ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි.

    මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ 2017 වසරේදී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 25කි. 2024 වසරේ දී එම ඉලක්කය අභිභවා යාම රජයේ අරමුණ වන අතර ලබන වසර වන විට එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.

    එමෙන්ම සාමාන්‍ය සංචාරකයන්ට අමතරව දිනකට ඩොලර් 500ක් වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මේ වනවිට රජය ක්‍රියාත්මක කර තිබේ.

    සීනිමෝදර, දික්වැල්ල, නිල්වැල්ල, හිරිකැටිය, වැලිගම සහ හබරාදුව ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයකට මෙන්ම දකුණු වෙරළ තීරයේ පිහිටි වැලිගම සර්ෆ් පාසල වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීමට මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කළේය.

    උණවටුන සංචාරක කලාපයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය සංචාරකයන් සමඟ කෙටි කතා බහකට එක්වෙමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ ද අදහස් ලබාගැනීමට කටයුතු කළේය.

    මේ අතර සති අන්ත නිවාඩු දිනයේ දී තංගල්ල සහ ගාල්ල වෙරළ තීරය වෙත පැමිණ සිටි දේශීය සංචාරකයන්ගේ ද තොරතුරු විමසීමට ජනපතිවරයා කටයුතු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.