Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මස්කෙළිය රත්කළ ගුටිකෙළිය
    Featured

    මස්කෙළිය රත්කළ ගුටිකෙළිය

    By LFNFebruary 16, 2024No Comments2 Mins Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෞද්ගලික බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ත් 25ත් අතරේ පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකි.

    මෙම තරුණයින් පිරිස ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණ ඊයේ දින නැවත සිය නිවෙස් බලා යාම සඳහා හැටන් දුම්රිය ස්ථානය වෙත ලංගම බස් රථයකින් ගමන්කරමින් සිට ඇත.

    එහිදී එම ලංගම බස් රථයට පසුපසින් පැමිණි මස්කෙළිය සිට හැටන් දක්වා ධාවනය වන පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් එය පසුකර යාමට උත්සාහ දරා ඇත.

    ඒ අතරතුරදී පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා කුඩා මස්කෙළිය ප්‍රදේශයේදී ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් ලංගම බස් රථයේ පසුපස වීදුරුව බිඳී ගොස් තිබේ.

    එම ගල් ප්‍රහාරයත් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණයින් පිරිස අතර සිටි තරුණයෙකුද තුවාල ලබා ඇති බව මේ වනවිට වාර්තා වී ඇත.

    ඒ සමගම බස් රථයෙන් බැස අදාළ තරුණයින් පිරිස පසුපසින් පැමිණි බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදී ඇත.

    ප්‍රහාරයෙන් තුවාල ලැබූ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

    සැකකාර තරුණයින් පිරිස, පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    එම අවස්ථාව බස් මගියෙකුගේ ජංගම දුරකථනයක පටිගතව තිබුණේ මෙලෙසින්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.