Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් නිලධාරීන් තිදෙනෙකු පුරවැසියෙකු ඉදිරියේ දණ ගසා සමාව ගනී
    Featured

    පොලිස් නිලධාරීන් තිදෙනෙකු පුරවැසියෙකු ඉදිරියේ දණ ගසා සමාව ගනී

    By LFNFebruary 16, 2024No Comments2 Mins Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් නිලධාරීන් තිදෙනෙකු සාමාන්‍ය පුරවැසියෙකු ඉදිරියේ දණ ගසා සමාව ඉල්ලූ පුවතක් අධිකරණයෙන් වාර්තාවෙයි.

    මෙලෙස සමාව ගෙන ඇත්තේ වයස අවුරුදු 81ක් වයසැති ගොඩ්වින් පෙරේරා නමැති ජ්‍යේෂ්ඨ පුරවැසියෙකුගෙනි.

    එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා සමාව ගෙන ඇත්තේ විජිත් කේ මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී පෙත්සම්කරු සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අතර ඇතිවූ සමතයක් අනුවය.

    2017 වසරේදී ගොඩ්වින් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත යමින් සිටියදී මාර්ගයක් අසළ අනතුරකට පත්ව සිටි කම්කරුවෙකු සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දීමක් සිදුකර ඔහුව රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණි.

    අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ගොඩ්වින් පෙරේරා මහතාව රැගෙන ගොස් පොලිස් සිරමැදිරියට දමා ඇති බව පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

    එහිදී තමන් විසින් නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙසේදැයි විමසූ බවත් එයට එම නිලධාරීන් අයහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවත් ඒ මහතා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    ඒ අනුව තමන්ව නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමට එරෙහිව අගතියට පත්වූ ගොඩ්වින් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර නීතිඥ විජිත් සිං මහතා ඔහුගේ නීතිඥවරයා විය.

    කෙසේවෙතත් වගඋත්තරකරුවන් සමග සමාදානයකට යෑමට පෙත්සම්කාර ගොඩ්වින් පෙරේරා මහතා එකඟවීම මත අද එම එකඟත්වය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව කැඳවිණි.

    නඩුව කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පෙරේරා මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

    එසේම වගඋත්තරකාර නාරාහේන්පිට පොලිසියේ සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනාගේ නම් අඬගැසු පසු ඔවුන් තිදෙනා ද අධිකණය ඉදිරියේ පෙනී සිට තිබේ

    පොලිස් නිලධාරීන් තිදෙනා අද අධිකරණයට පැමිණ ඇත්තේ පොලිස් නිලධාරීන් විශේෂ අවස්ථාවලදී අඳින අංක 01 නිල ඇඳුමින් සැරසී නිල පදක්කම් සහ ආයිත්තම්ද පැළඳ වීම විශේෂත්වයකි.

    මෙහිදී වග උත්තරකරුවන් සමග සමාදානවීමට එකඟදැයි අධිකරණය පෙත්සම්කරුගෙන් විමසා ඇති අතර ඔහු ඊට එකඟත්වය පළකර තිබේ.

    වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඇමතූ විනිසුරු විජිත් කේ මලල්ගොඩ මහතා මින් ඉදිරියට මෙවැනි අකටයුතුකම් සිදු නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබේ.

    රටේ ජ්‍යේෂ්ඨ පුරවැසියෙකුට නිදහසේ කටයුතු කිරීමට අයිතියක් ඇති බව නොදන්නේදැයි විමසූ විනිසුරුවරයා ජ්‍යේෂ්ඨ පුරවැසිකුට සලකන්නේ මෙලෙසදැයි ප්‍රශ්න කළේය.

    නඩුව සමතවීමට පෙත්සම්කරු එකඟවීම නිසා මෙලෙස අවසන් කරන බව කී අධිකරණය එසේ නොවිණිනම්
    පෙත්සම්කරුගේ වයසද සලකා ලොකු වන්දියක් ගෙවීමට නිලධාරීන්ට සිදුවීමට ඉඩ තිබුණු බව ද සඳහන් කළේය.

    නැවත මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස අධිකරණය පොලිස් නිලධාරීන් තිදෙනාට එහිදී අවවාද කර තිබේ.

    ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් තිදෙනා වෙන් වශයෙන් පෙත්සම්කාර පෙරේරා මහතා ඉදිරිපිටට ගොස් දණ නමා වැඳ සමාව ලබාගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.