Author: LFN

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. නිදහස වෙනුවෙන් අපි යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ය. කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

Read More

ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවෙකු මියගොස් තිබේ. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා ඊයේ (10) පෙරවරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුගිය සඳුදා එම ජාත්‍යන්තර පාසල පරිශ්‍රයේ ගසක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් ළමුන් තිදෙනෙකු තුවාල ලැබු අතර එහිදී එක් ළමයෙකු එම ස්ථානයේ දීම මියගොස් තිබුණි. අනෙක් කුඩා දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණි. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් දරුවෙකු දින 05කට පසු අද පෙරවරුවේ මෙලෙස මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 05 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.…

Read More

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟව සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 1989 වසරේදී අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පරීක්ෂකවරයයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට බොරැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අදාළ පුද්ගලයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුවය. ඒ අනුව පොලීසිය, අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළේය. අත්අඩංගුවට ගත් එවකට 30 හැවිරිදි කාන්තාව විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි යතුරු ලියන්නියක ලෙස සේවය කර ඇති බවත් ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත් එහිදී අනාවරණය විය. අදාළ සබඳතාව සිය සැමියාට…

Read More

මීගමුව, ගල්කන්ද හන්දියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂට පත්වී ති‍බේ. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිව පැවසීය.

Read More

සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කුඩු සළිඳු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් සියලු දේපොළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවය. “මත්ද්‍රව්‍යවල සුළභතාවය ඉතාම පහළ මට්ටමකට ගෙන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළදී. කුඩු සළිඳු අවුරදු 03ක් ඇතු‍ළේ… මිලියන 5013ක්, මැඩගස්කරයේ තියෙනවලු අක්කර දෙකහමාරක්, ලංකාව පුරාම ඉඩම් තියෙනවා. වාහන 73ක් තියෙනවා වෙනත් අයගේ නම්වලට ලියපු. ඒ ලැයිස්තු ඔක්කොම අරගෙන තියෙන්නේ. අවුරුදු කිහියකින් හරි එළියට එන දවසක මහ පාරේ හිඟා කන්න වෙයි. සළිඳුට අයත් සියලුම දේපොළ රාජසන්තක කරනවා… කුඩු සල්ලිවලින් හම්බකරපු.”

Read More

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔස්ට්‍රේලියාවේ, පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

Read More

රාත්‍රී මුර සංචාරය අතරතුර ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය මල්වතුහිරිපිටිය පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුට එහි රියදුරා වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගත් ත්‍රීරෝද රථ රියදුරු ඉන් ඔහුට වෙඩිතබා ගිනිඅවියද රැගෙන පළාගොස් ඇති බවය. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ ඊයේ (10) අලුයම් කාලයේදීය. පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ පිහිටි බැංකුවක දොරක් විවෘත කර තිබෙන බවට දුටු පොලිස් නිලධාරීන් එහි කළමනාකරුට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසුව ඔහු පැමිණෙන තෙක් අදාළ ස්ථානයේ රැඳී සිට ඇති බවය. එහිදී පැමිණි සැක කටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී අදාළ ත්‍රීරෝද රථයේ සිට ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ සහෝදරිය සමග මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන්…

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ නැහෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැහෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Read More

‍ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තාවේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 309 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වැනි දින රාත්‍රියේ ඕස්ට්‍රෙලියාව බලා පිටත් ව ගියේ ය. ජනාධිපතිවරයා සිය සංචාරය තුළ 07 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා ද පවත්වනු ලැබීය.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් කළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඔහු සඳහන් කළේ අදාළ සැකකරු දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මෙම මඩ ප්‍රචාරයන් සිදුකර ඇති බවය. ඊයේ (10) පානදුරේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී එම නම් හෙළිවනු ඇති බවය. පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, “ඊයේ CID එකෙන් අත්අඩංගුවට ගත්තා පුද්ගලයෙක්. හාර ලක්ෂ ගාණනක් ඒ පුද්ගලයා අතේ තිබුණා. මේ…

Read More