Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍යයෙන් මඩ ගහපු අයෙක් අත්අඩංගුවට
    Featured

    සමාජ මාධ්‍යයෙන් මඩ ගහපු අයෙක් අත්අඩංගුවට

    By LFNFebruary 11, 2024No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් කළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ අදාළ සැකකරු දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මෙම මඩ ප්‍රචාරයන් සිදුකර ඇති බවය.

    ඊයේ (10) පානදුරේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී එම නම් හෙළිවනු ඇති බවය.

    පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණි.

    එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

    “ඊයේ CID එකෙන් අත්අඩංගුවට ගත්තා පුද්ගලයෙක්. හාර ලක්ෂ ගාණනක් ඒ පුද්ගලයා අතේ තිබුණා. මේ සාමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරගෙන අපිට මඩ ගහන පුද්ගලයින්. ඒ පුද්ගලයාට දේශපාලනඥයෙක් තමයි මේ සල්ලි දුන්නේ. ඒ කාර් එකේ කොටුවට ගිහිල්ලා ඩොලර් ටික මාරු කරගෙන සල්ලි ටික අතේ තියෙනකොට තමයි අත්අඩංගුවට පත්වෙන්නේ. අපිටද, රජයටද, පොලිස්පතිතුමාට, ඔය ඔක්කෝටම මඩ ගහන්න සමාජ මධ්‍ය ජාල පාචිච්චි කරනවා. ඒක හින්දා තමයි අපි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාවේ. ආණ්ඩු පෙරළන්න වුණත් පාචිච්චි කරන්නේ මේ සමාජ මාධ්‍ය. මම අද කියන්නේ…. මේ පනත ප්‍රශ්නයක් වෙන්නේ සමාජ මාධ්‍ය වැරදි විදිහට හසුරවන අයට පමණයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.