Author: LFN
රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී නොගන්නා වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛනගත කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, ගොවින්ගෙන් වී මිල දී ගැනීම සඳහා රජය විසින් සහන පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය හා වාණිජ බැංකු කිහිපයක් මගින් ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි. ඒ අනූව රජය අනුමත ණය මුදල් ලබාගෙන රජය විසින් නියම කර ඇති අවම මිල ගණන් යටතේ වී තොග මිල දී ගැනීමට කටයුතු නොකරන්නේ නම්, ඔවුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි. අද (10) පස්වරු 5.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර ඇත.
අද (10) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බව ද වාර්තා වේ.
අස්වැසුම සුබ සාධයන වැඩසටහනේ ප්‍රතිලාභ බලාපොරොත්තු වන පවුල්වලින් මේ මස 15 වැනිදා සිට නැවත අයදුම්පත් කැඳවන බවත් අදාල ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙම මස 15 වැනිදා සිට ලබන මාර්තු මස 15 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා කීය. ‘අස්වැසුම’ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව සහ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹ තිබේ.
මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ. ඒ අනුව තෙතමනය සියයට 14 මට්ටමක ඇති නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 105 ක් සම්බා කිලෝව රුපියල් 120ක් සහ කීරි සම්බා කිලෝවරුපියල් 130 වශයෙන් මිල නියම කර ඇත. තෙතමනය සියයට 14ට වඩා වැඩි නාඩු වී කිලෝව රුපියල් 90 ක් සම්බා කිලෝව රුපියල් 100ක් සහ කීරී සම්බා කිලෝව රුපියල් 120ක් වශයෙන් මිල නියම කර තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2023/24 මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩ පිළිවෙළක් ද සකස් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මෙම වී මිල දී…
තැරැව්කරුවන් පිරිසක් බත්තරමුල්ලේ කෝටි අටසීයක් වටිනා විසුම්පාය ගොඩනැගිල්ල කෝටි 400කට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය. නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට පිටින් මේ කටයුත්ත කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ රාජ්‍ය සම්පත් විකිණීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය. අඩු මුදලකට විකිණීමට තැරැව්කරුවන් පිරිසක් උත්සාහ දරන බවට ආරංචි යැයිද විපක්ෂ නායකවරයා කීය. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා: රජයේ මුදලට අඩුවෙන් ගොඩනැගිල්ල දෙන්න හැකියාවක් නැහැ. ආයෝජකයකු ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබුණා. විසුම්පාය අපිට සංවර්ධනය කරන්න බැහැ. සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න කියලා අපි කියලා තියෙනවා. කොහොම නමුත්…
ලංගම බස් සේවනයින් සිව් දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හයිලෙවල් මාර්ගයේ ධාවනය කරමින් තිබූ හෝමාගම ඩිපෝවට අයත් බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙකුට සහ කොන්දොස්තරවරයන් දෙදෙනෙකුට මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි. සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (08) නියෝග කළාය. මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ පදියතලාව කෙහෙල්උල්ල කඩුපාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රදීප් අමරතුංග නමැති පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ පෞද්ගලික වේලා දැනුම්දෙන්නෙකු වන තුන්නාන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි හර්ෂ සඳුන් නමැත්තෙකි. සැකකාර පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයේදී තවත් බස් රථයක රියදුරුට…
කොරියානු අර්ධද්වීපයේ උණුසුම් වාතාවරණය ඉදිරියේදී තවදුරටත් වර්ධනයවීමේ අවදානමක් මතුකරමින්, දකුණු කොරියාව සමග පවතින සියලු ආර්ථික සහයෝගීතාවන් අවසන් කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබේ. උතුරු කොරියානු පාර්ලිමේන්තුව නැත්නම් උත්තරීතර මහජන සභාවේ නියෝජිතයන් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව (KCNA) වාර්තා කළේය. කොරියානු මහජන පක්ෂය හෙවත් කොමියුනිස්ට් පක්ෂය මගින් ගනු ලබන තීරණ නීතිගත කරනු ලබන්නේ මෙම මහජන සභාව විසිනි. එහිදී දකුණු කොරියාව සමග පවතින සංචාරක ව්‍යාපෘතියට බලපැවැත්වන විශේෂ පාලන නීති අවලංගු කිරීමටත් මහජන සභාවේ නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කර ඇත. 2000 දශකය මුල් භාගයේ ආරම්භ කෙරුණු මවුන්ට් කුම්ගන් නැමැති එම සංචාරක ව්‍යාපෘතිය යටතේ මිලියන 2ක් පමණ දකුණු කොරියානුවන් උතුරේ…
මිත්තණියගේ රුපියල් ලක්ෂ 15ක මුදල් සොරකම් කළ 14 හැවිරිදි මුනුබුරාව දොඩංගොඩ පොලීසිය විසින් ඊයේ (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි. පසුගිය 31 වනදා දහවල් කාලයේ දොඩංගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය නිවසක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 15ක මුදලක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කර ඇති බවට දොඩංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. මිත්තණිය දහවල් කාලයේ නිවසින් බැහැරව ගොස් සිටියදී හොර රහසේ ඉනිමඟක් ආධාරයෙන් වහලයෙන් නිවසට ඇතුළුවී සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවාව සැකපිට අත්අඩංගුවට ගැනුණි. මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් සැකපිට ප්‍රශ්න…
අද (09) දිනයේදී දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.