Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිත්තණියගේ රු ලක්ෂ 15 ඉස්සූ සැකකාර මුනුබුරා අත්අඩංගුවට
    Featured

    මිත්තණියගේ රු ලක්ෂ 15 ඉස්සූ සැකකාර මුනුබුරා අත්අඩංගුවට

    By LFNFebruary 9, 2024No Comments2 Mins Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිත්තණියගේ රුපියල් ලක්ෂ 15ක මුදල් සොරකම් කළ 14 හැවිරිදි මුනුබුරාව දොඩංගොඩ පොලීසිය විසින් ඊයේ (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

    පසුගිය 31 වනදා දහවල් කාලයේ දොඩංගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය නිවසක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 15ක මුදලක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කර ඇති බවට දොඩංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

    මිත්තණිය දහවල් කාලයේ නිවසින් බැහැරව ගොස් සිටියදී හොර රහසේ ඉනිමඟක් ආධාරයෙන් වහලයෙන් නිවසට ඇතුළුවී සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවාව සැකපිට අත්අඩංගුවට ගැනුණි.

    මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් සැකපිට ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දොඩංගොඩ පොලීසියේ නිලධාරීන් මෙම බාලවයස්කරුගේ හැසිරීම් රටාව දැඩි ලෙස නිරීක්ෂණය කර තිබුණි.

    ඉන් අනතුරුව අද දහවල් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමේ සුලමුල හෙළිවී ඇති බව අප වාර්තාකරු පවසයි.

    එම පාසල් සිසුවා පාසල් යාම සඳහා පයාගල පොතුවිල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඔහුගේ පියා දිනපතාම රැගෙන යන බව වාර්තා වෙයි.

    නමුත් මෙම සොරකම සිදුවන දිනයේ මෙම සිසුවා පාසල් නොගොස් පයාගල පොතුවිල ප්‍රදේශයේ සිට පාගමනින් මිනුවන්දෙණිය මෙම නිවසට පැමිණ තිබෙන බව පැවසෙයි.

    එහිදී මිත්තණිය නිවසේ නොමැති බව පෙනී ගිය නිසා සිසුවා වහලින් නිවසට ඇතුළුවී මිත්තණියගේ කාමරය තුළට ගොස් ඇත.

    කාමරයේ ඇඳ මත තිබූ මෙට්ටය යට සඟවා තිබූ රුපියල් ලක්ෂ 15ක මුදල සහ ඇයට අයත් ලැප්ටොප් පරිගණකය ද සොරකම් කොට ඇති බව පොලීසිය පවසයි.

    සැකකාර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසිය නොමඟ යැවීම සඳහා විවිධ කාරණා පවසා තිබුණත් පොලීසියේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සොරකම පිළිබඳව පවසා ඇති බවද පැවසෙයි.

    මෙසේ සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15ක මුදල පයාගල පොතුවිල ප්‍රදේශයේ ඥාතී නිවසේ පිටුපස කෙසෙල් පඳුරක් ආසන්නේ වළදමා තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

    ලැප්ටොප් පරිගණකය එම නිවසේම ළිඳ තුළට දමා තිබියදී පොලීසියට හමුවී ඇත.

    අදාළ මුදලින් රුපියල් ලක්ෂයක් විවිධ පුද්ගලයින් සමග එකතුවී වියදම් කර තිබෙන බවද හෙළිවී ඇත.

    මෙතරම් මුදලක් සොරා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.