Author: LFN
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තැබිය යුතු බවට නිශ්චය කර ඇති බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඖෂධයක් ලෙසට කංසා මෙරට වගා කර අපනයනය කිරීමට කැබිනට් අනුමැතියක් හිමි නොවූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා (06) පැවසුව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය වසරේ දී බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පාර්ලිමේන්තු සැසිවාරයට අද පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය. ත්‍රෛලෝක විජය පත්‍ර ලෙස ආයුර්වේදයේ දී හැඳින්වෙන කංසා ශාකය මෙරට වගා කර ඖෂධයක් ලෙසට අපනයනය කිරීමට කැබ්නට් අනුමැතිය හිමි වුණු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය 05 වැනි දා ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල…
වෛද්‍යවරියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් අරණායක දිසාරෝහලේ රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම රෝහලේ ම රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීම පිළිබඳ මෙම වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇත. ඉකුත් 07 වැනි දින පස්වරුවේ ලද පැමිණිල්ලක් මත අරණායක පොලීසිය මෙම විමර්ශනය ආරම්භ තිබේ. රාජකාරියේ නිරත ව සිටි වෛද්‍යවරියගේ රහස් පෙදෙස බලහත්කාරයෙන් ඇත ගෑම සම්බන්ධයෙන් සිය මව්පියන් දැනුම්වත් කිරීමෙන් අනතුරු ව කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත අදාළ වෛද්‍යවරිය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආග්‍රහණය වීම හේතුවෙන් ධීවරයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ එහිදී ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගතකර ඇතිබවය. සෙසු ධීවරයින් 07 දෙනා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට නියෝග කළේය. විදෙස් ගමන් තහනම් කළ අතර මහජනයා ප්‍රකෝපකරවන ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
නිවසකට අයුතු ලෙස ඇතුළුවී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකර රන් මාලයක් හා රන් මුදුවක් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කොල්ලය ජනවාරි 31 වනදා සිදුකර තිබූ අතර කොල්ලකන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් 540,000ක් බව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකළේය. ඒ අනුව ඊයේ (06) උදෑසන ගොඩගම හා බ්‍රැන්ඩිගම්පළ ප්‍රදේශවලදී සැකකරුවන් දෙදෙනෙකු හා මීගොඩ ප්‍රදේශයේදී සැකකාරියක් අත්අඩංගුවට ගැනුණි.
රැඳවියන් දෙදෙනෙකු අතර කිචි කැවීමේ සිද්ධියක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුකර තිබේ. එක් රැඳවියෙකු අනෙක් රැඳවියාව උස්සා පොළොවේ ගැසීමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි. මෙම සිද්ධිය ඇතිවී තිබුණේ ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ ය. එම අවස්ථාවේදී පහරකෑ රැඳවියාගේ හිස සිමෙන්තියක වැදී අධික රුධිර වහනයක් සමග සිහිසුන්වී ඇත. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත්‍රිකුණාමලය කින්නියා මහරුප් නගර් පදිංචි මොහොම්මදු උභයතුල්ලා නමැති රැඳවියෙකි. ඝාතනයට ලක්වූ රැඳවියත් ඝාතනය සිදුකළ රැඳවියත් එකම සිරමැදිරියක රඳවා සිට ඇත. තවදුරටත් වාර්තා වන්නේ දෙදෙනාම මිතුරන් බවය.
ළමුන් 191 දෙනෙකු ඝාතනය කර වළදැමීම සම්බන්ධයෙන් කෙන්යාවේ කල්ට් නායකයෙක් වන පෝල් මැකෙන්සි ට සහ ඔහුගේ සහායකින් 29 දෙනෙක් ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ. එම සිරුරු කැලෑවක වළදමා තිබියදී සොයාගෙන තිබුණි. නමුත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. මැකෙන්සි සිය අනුගාමිකයින්ට ලබාදුන් උපදෙසක් ගැන අධිකරණයේදී කරුණු හෙළිවිය. ඔහු අනුගාමිකයින්ට නියෝගකර තිබුණේ “සිය දරුවන් සමග නිරාහාරව මරණයට පත්වන” ලෙසට ය. එමගින් ඔවුන්ට ලෝක විනාශයට පෙර ස්වර්ගයට යා හැකි වෙතැයි ඔහු පවසා තිබුණි. “Shakahola” වනාන්තරයේ තිබී මළ සිරුරු 400ක් පමණ සොයාගෙන තිබේ.