Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංගම බස් සේවකයින්ට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්
    Featured

    ලංගම බස් සේවකයින්ට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

    By LFNFebruary 9, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංගම බස් සේවනයින් සිව් දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    හයිලෙවල් මාර්ගයේ ධාවනය කරමින් තිබූ හෝමාගම ඩිපෝවට අයත් බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙකුට සහ කොන්දොස්තරවරයන් දෙදෙනෙකුට මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි.

    සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

    මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ පදියතලාව කෙහෙල්උල්ල කඩුපාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රදීප් අමරතුංග නමැති පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ පෞද්ගලික වේලා දැනුම්දෙන්නෙකු වන තුන්නාන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි හර්ෂ සඳුන් නමැත්තෙකි.

    සැකකාර පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයේදී තවත් බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 13 වනදා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කළාය.

    මේ අතර තම සහෝදර බස් රථ සේවකයින්ට දිගින් දිගටම සිදුවන පහරදීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් හෝමාගම බස් ඩිපෝවේ සේවකයින් පිරිසක් අද හෝමාගම කැන්දලන්ද බස් ඩිපෝව ඉදිරිපිටදී විරෝධතාවය නිරත වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.