Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතනයක් කර සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව
    Featured

    ඝාතනයක් කර සැඟවී සිටි විදුලිබල මණ්ඩලයේ සේවිකාව

    By LFNFebruary 11, 2024No Comments2 Mins Read235 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟව සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

    1989 වසරේදී අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පරීක්ෂකවරයයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට බොරැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    ඒ අදාළ පුද්ගලයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුවය.

    ඒ අනුව පොලීසිය, අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළේය.

    අත්අඩංගුවට ගත් එවකට 30 හැවිරිදි කාන්තාව විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි යතුරු ලියන්නියක ලෙස සේවය කර ඇති බවත් ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත් එහිදී අනාවරණය විය.

    අදාළ සබඳතාව සිය සැමියාට අනාවරණය වීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත 1989 වසරේ එක්තරා දිනකදී තම අනියම් සැමියාව අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේ පිහිටි සිය නිවසට එම කාන්තාව මගින් කැඳවා තිබේ.

    එහිදී සැමියා සමග එක්ව සිය අනියම් සැමියා ඝාතනය කර පෙති ගසා බැරලයකට දමා ළිඳකට දමා ඇති බව පොලීසිය පැවසීය.

    ඒ හේතුවෙන් අදාළ අඹුසැමි යුවළ මාස 6ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පසුව ඔවුන් ඇපමත මුදාහැර තිබේ.

    එලෙස නිදහස ලැබූ යුවළ පසුව අතුරුදන්වී ඇති බව පොලීසිය පැවසීය.

    ඒ අනුව ඔවුන් නොමැතිව සිදුකළ නඩු විභාගයෙන් පසුව අදාළ අඹුසැමි යුවළට 2019 වසරේදී මරණ දඬුවම නියම කර තිබුණි.

    කෙසේ වෙතත් ඝාතනය සිදුකළ අඹුසැමි යුවළ සොයාගැනීමට කිසිඳු පොලීසියකට හැකියාවක් ලැබී නොමැත.

    එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකුට තොරතුරක් ලැබී තිබුණේ අදාළ ඝාතනය සිදුකළ කාන්තාව බණ්ඩාරගම පමුණුගම ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටින බවය.

    ඒ අනුව ඇයව පසුගිය (09) දිනයේදී විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලබීය.

    මේ වනවිට එක්දරු මවක් වන අදාළ කාන්තාව 64 හැවිරිදි වියෙහි පසුවෙයි.

    අඹුසැමි යුවළ ඇප ලැබීමෙන් අනතුරුව පසුගිය වසර 35 තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය ඥාතීන්ගෙන්ද වසන් වෙමින් සැඟව සිට ඇති බව පොලීසිය පැවසීය.

    ඔවුන් දෙදෙනා පොලීසියට හසුවේයැයි බියෙන් වෙන් වෙන්ව ජීවිත්වු බව අදාළ කාන්තාව පවසා ඇත.

    කෙසේවෙතත් ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

    සැකකාර කාන්තාව ඊයේ (10) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.