Author: LFN

භූගත නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයන් හි මාර්ග කිහිපයක් අදියර 03ක් යටතේ අද (05) සිට වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා උත්තරානන්ද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබෙන බව පොලීසිය පැවසුවේය. පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබෙන අතර එහි තුන්වන අදියර ලෙස මාර්තු මස 05 වනදා සිට 11 වනදා දක්වා උත්තරානන්ද මාවත, පෙරහැර මාවත ආශ්‍රිතව රොටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබේ.

Read More

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් ‍මෙරටට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා “අද දෙරණ” සමග පැවසුවේය. “මේ වනවිට 1971 ආයුර්වේද පනත සංශෝධනය කරලා, ඖෂධීය ශාක වගා කිරීම සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීලා තියෙනවා. ඒවට අදාළ නෛතික තරයන් විශේෂයෙන් කංසා වගාවට අවශ්‍ය නෛතික තත්ත්වයන් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන කෙටුම්පත ආයුර්වේද නීති සංග්‍රහය මඟින් අපි නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ඔහුගෙන් ලැබුණු නෛතික සංග්‍රහයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…

Read More

කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළාගොස් තිබේ. සොරකම් කිරීමේ සිද්ධියක් සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එම සැකකරුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි. වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ භූමියට රැගෙනවිත් තිබූ අතර ඔහු මෙලෙස පළාගොස් ඇති බව වාර්තාවෙයි. පොලිස් ජීප් රථයෙන් සැකකරු අධිකරණ භූමියට රැගෙන විත් එහි දොර විවෘත කරන අවස්ථාවේ ඔහු සමග විලංගු ලා සිටි අනෙකු සැකකරුගේ මුහුණට ගසා දෑත් විලංගු ගලවාගෙන එම සැකකරු මෙලෙස පළාගොස් ඇති බව වාර්තාවෙයි. වැඩිදුරටත් වාර්තාවන්නේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සහ සැකකරු අධිකරණ භූමියට රැගෙන ආ නිලධාරීන් පසුපස හඹා ගියද සැකකරු ඔවුන් මගහැර පළායාමට සමත්ව ඇති…

Read More

තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා තංගල්ල, අඟුණුකොළපැලැස්ස සහ හම්බන්තොට රෝහල් වෙත ඇතුළත් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටි 05 දෙනෙකු සහ වෑන් රථයේ ගමන්කරමින් සිටි දෙදෙනෙකු මෙලෙස තුවාළ ලබා තිබේ. ඔවුන් තංගල්ල ප්‍රදේශයේ සහ හුංගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. වෑන් රථය බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී ඇති බවට සැකපළ කරයි. අනතුර සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

යාපනයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ‘ආවා’ කල්ලියේ නායකයා ලෙස සැකකෙරෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ චාමික වික්‍රමසිංහ මහතාගේ නියෝගයක් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලක රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත. පොලීසිය වැඩිදුරටත් පවසන්නේ විදෙස් රටකට පළායාමේ අදහසින් ඔහු මෙලෙස ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටින්නට ඇති බවට සැකපළ කරන බවය. ඔහු තදින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිට ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක්ද සොයාගෙන…

Read More

අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris දිලීර ආසාදනය පිළිබඳවය. මෙම දිලීර ආසාදනය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබුණ ද මාසයක් තුළදී වොෂින්ටන් හි ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තාවීමත් සමග ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත. ඉතා වේගයෙන් ආසාදනය විය හැකි Candida auris ඖෂධ ලබාදීම හරහා සුවකිරීම ද අපහසු බව සඳහන් වෙයි. Candida auris ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ඉක්මණින් වැළඳිය හැකි අතර ඔක්සිජන් නළ භාවිත කරන සහ කැතීට භාවිතයට ගනු ලබන රෝගීන්ට ඉතා පහසුවෙන් එම දිලීරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥන් පවසයි. ශරීරයේ විවෘත තුවාල…

Read More

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත. මේ අතර ඊයේ (04) අලුයම පළාගිය රැඳවියන් පිරිසක් විසින් සෝමාවතිය වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැරගැනීමට උත්සාහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තාවෙයි. මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට රැඳවියන් 34 දෙනෙකු මේ වනවිට වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි. මීට පෙර ද අවස්ථා කිහිපයකදීම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම් ඇතිවූ බව ආහාර…

Read More

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ. මෙම නව ග්‍රහලෝකය “TOI-715 b” ලෙස නම් කර ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බව නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්‍රමණය වන බවත් ඒ සඳහා දින 19ක් වැනි කාලයක් ගත වන බවත් එම වාර්තාවල සඳහන්ව තිබේ. විශාලත්වය පෘථිවිය මෙන් එකහමාරක පමණ ප්‍රමාණයක් වන මෙම ග්‍රහලෝකය සම්බන්ධයෙන් නාසා ආයතනය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා සමාජ සාධාරණත්වය සඳහා වූ කාන්තා ව්‍යාපාරය විසින් 76 වන නිදහස් දිනයට සමගාමීව යාපනය නගරයේදී සර්ව ආගමික නායකයින් ගේ සහභාගිත්වයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියළු ජාතීන් නියෝජනය කරමින් 76 වන ජාතික නිදහස් දින රැළියක් පවත්වා ඇති බවට වාර්තාවේ. තවද රැළියෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ සහභාගිත්වයෙන් යාපනය වීරසිංහම් ශාලවේදී දමිළ සංස්කෘතිය පිළිඹිඹු වන ආකාරයේ සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහනක් පවත්වා ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ.

Read More