Author: LFN

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම ”අප්‍රිකානු ඇතා” නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නිවේදනය කරයි. එම අප්‍රිකානු ඇතා සහ මෙරට තුළ ප්‍රචණ්ඩ ලෙස හැසුරුණු, මේ වනවිට පුනුරුත්ථාපනය කර ඇති කණ්ඩුල සහ කලණ යන හස්තීන් දෙදෙනා ද නැරඹීමටත් සංචාරකයින්ට ඉදිරි සතිවලදී අවස්ථාව හිමිවෙයි.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිත ව තිබේ. ‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. නිදහස් දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි වීමට නියමිතයි. මීට අමතරව තායිලන්ත දුත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම් උලෙල පැවැත්වෙනු ඇත. සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වීමට නියමිත බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික…

Read More

ඇඹිලිපිටිය – කිරලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඊයේ (02) පස්වරුවේ වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පිරිස එම තරුණයා කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඔහුට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී ඇති බවයි. තරුණයාට පහර දෙමින් එය වීඩියෝගත කළ ඔවුන් එය සමාජ මාධ්‍යය වෙත ද මුදාහැර තිබිණි. තරුණයා පැහැරගත් පිරිස එම රූප රාමු ඔහුගේ ඥාතීන් වෙත ද යවා ඇති අතර එම දර්ශන දුටු ඔහුගේ ඥාතීන් ඒ පිළිබඳ ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව කුට්ටිගල පොලීසිය හා ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය එක්ව විමර්ශනයක් ආරම්භ කර අදාළ තරුණයා රඳවා සිටි…

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

Read More

ආදුරුප්පුවීදිය – ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු සහ අධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 28 හා 39 හැවිරිදි වියේ පසු වන කඩවත සහ ආදුරුප්පුවීදිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ආදුරුප්පුවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

Read More

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු සහ එකම ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය. ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 198ට පිළිතුරු වශයෙනි. නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 42ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් රැස් කරගෙන සිටිති.

Read More

76 වැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (03) සහ හෙට දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සහ නියෝජ්‍ය පොලිස්පති රථ වාහන දිසාව භාර ඉන්දික හපුගොඩ මහතා මේ බව පැහැදිලි කළේ ය.

Read More

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ. බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුවා ලෙසට කටයුතු කර ඇත්තේ විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබළෙකි. එම තොරතුරු අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ අවුරුදු 39ක් වන බිරිඳ සහ 72 හැවිරිදි පියා පසුගිය (01) අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසියට කරන ලද අනාවරණයකට අනුවය. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් පල්ලේවෙල, මුද්දරගම, පාතගම ප්‍රදේශයේදී සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350ක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ, ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික හමුදා සෙබළා, ඝාතනයට පෙර…

Read More