Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බෙලිඅත්ත ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ගැන තොරතුරු රැසක් එළියට
    Featured

    බෙලිඅත්ත ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ගැන තොරතුරු රැසක් එළියට

    By LFNFebruary 3, 2024No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුවා ලෙසට කටයුතු කර ඇත්තේ විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබළෙකි.

    එම තොරතුරු අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ අවුරුදු 39ක් වන බිරිඳ සහ 72 හැවිරිදි පියා පසුගිය (01) අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීසියට කරන ලද අනාවරණයකට අනුවය.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් පල්ලේවෙල, මුද්දරගම, පාතගම ප්‍රදේශයේදී සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350ක්ද සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ, ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික හමුදා සෙබළා, ඝාතනයට පෙර දින බස් රථයෙන් බෙලිඅත්ත ප්‍රදේශයට ගොස් තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු සමග එක්ව ඇති බවය.

    ඝාතනයෙන් පසු ප්‍රධාන වෙඩික්කරු ඩුබායි රාජ්‍යයට පළා ගොස් ඇති අතර ඒ සඳහා ගුවන් ටිකට් පත් සකසා දී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නැමැති පුද්ගලයෙකි.

    සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පසුගිය වසරේ ජුනි 17 වනදා සීනිගම දේවාලය අසලදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ තොරතුරු ද අනාවරණ වී තිබේ.

    එදින වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලාජ් තරංග මහතාය.

    ඒ සඳහා ආධාර අනුබල දී ඇත්තේ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් සහ මුද්දරගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් බවට සැකකරුවන් පොලීසියට පවසා ඇත.

    ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මෙම සැකකාරිය සහ සැකකරු ද පසුගිය (01) අත්අඩංගුවට ගනු ලැබිණි.

    23 හැවිරිදි සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 580ක්ද සොයාගැනුණු අතර ඇයට බලපිටිය මහ‍ෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.

    පොලීසිය පැවසුවේ, මොවුන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් 45 හැවිරිදි තවත් පුද්ගලයෙක්ද හුණුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

    මේ අතර බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ගිනිඅවි ප්‍රවාහනයට සහාය දුන් රත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඊයේ තංගල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.