Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පැහැරගෙන ගොස් පහරදුන් සැකකරුවන් සොයා විමර්ශනයක්
    Local News

    පැහැරගෙන ගොස් පහරදුන් සැකකරුවන් සොයා විමර්ශනයක්

    By LFNFebruary 3, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇඹිලිපිටිය – කිරලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඊයේ (02) පස්වරුවේ වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ අදාළ පිරිස එම තරුණයා කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඔහුට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

    තරුණයාට පහර දෙමින් එය වීඩියෝගත කළ ඔවුන් එය සමාජ මාධ්‍යය වෙත ද මුදාහැර තිබිණි.

    තරුණයා පැහැරගත් පිරිස එම රූප රාමු ඔහුගේ ඥාතීන් වෙත ද යවා ඇති අතර එම දර්ශන දුටු ඔහුගේ ඥාතීන් ඒ පිළිබඳ ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

    ඒ අනුව කුට්ටිගල පොලීසිය හා ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය එක්ව විමර්ශනයක් ආරම්භ කර අදාළ තරුණයා රඳවා සිටි කැලෑබද ප්‍රදේශයට ගොස් ඔහු මුදාගෙන ඇත.

    පොලීසිය පැවසුවේ වැටලීම සිදු කළ අවස්ථාවේ සැකකරුවන් පිරිස එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවත් ඔවුන්ට ඔත්තු සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් ය.

    අනතුරුව තුවාලකරු කඩිනමින් රෝහල්ගත කර තිබේ.

    එම අවස්ථාවේ දී රෝහල තුළ සෞඛ්‍ය වර්ජනය පැවැත්වීම හේතුවෙන් නොසන්සුන්තාවක් ද හටගෙන තිබිණි.

    මෙලෙස පහරකෑමට ලක් වී තිබුණේ, 24 හැවිරිදි කිරලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

    මීට පෙර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීමට මෙම තරුණයා මැදිහත් වී තිබූ අතර, ඒ හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති බව සඳහන් වේ.

    සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.