Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම තුන්වැනි පාරටත් පමා කරයි
    Featured

    ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම තුන්වැනි පාරටත් පමා කරයි

    By LFNFebruary 1, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අභිලාෂයන් කැඳවීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව නැවත වරක් දීර්ඝ කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය තීරණය කර තිබේ.

    ඒ අනුව ශ්‍රීලංකන් පෞද්ගලීකරණය ක්‍රියාවලිය ඇරඹු දින සිට අභිලාෂයන් කැඳවීමේ සීමාව දීර්ඝ කළ තුන් වැනි අවස්ථාව මෙය වෙයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පමාවන බව සලකුණු කරමින් ඒ සඳහා ආයෝජකයන්ට යෝජනා ඉදිරිපත් කළ හැකි කාලසීමාව තුන් වන වරටත් දීර්ඝ කර තිබේ.

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වැදගත් ඉදිරි පියවරක් ලෙසින් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අභිලාෂයන් කැඳවීම පසුගිය වසරේ ඔක්තෝබර් 31වැනිදා සිදුකෙරුණු අතර එහිදී අභිලාෂයන් කැඳවීමේ අවසන් දිනය දැක්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වැනිදා ලෙසය.

    කෙසේවෙතත් ප්‍රමාණවත් ආකර්ෂණයක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා අභිලාෂයන් කැඳවීම ඉන් අනතුරුව දෙසැම්බර් 18 වැනිදා දක්වාත්, පසුව මේ වසරේ ජනවාරි මස 09 වැනිදා දක්වාත් දීර්ඝ කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය තීරණය කළේය.

    ඒ අනුව දැන් එය තුන්වැනි වතාවටත් මේ වසරේ පෙබරවාරි මස 16 වැනිදා දක්වා නැවත දීර්ඝ කර ඇති බවෙ වාර්තා වෙයි.

    රජය සතු පාඩු ලබන ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය යටතේය.

    කෙසේවෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය කාලය තුළ මූල්‍ය දුෂ්කරතා රැසකට මුහුණ පෑ අතර මේ වනවිට ගුවන් සේවය රජයේ මූල්‍ය සහායක් නොමැතිව පවත්වාගෙන යනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.