Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සෞඛ්‍ය ලොක්කා පැය 10ක් CIDයේ
    Local News

    සෞඛ්‍ය ලොක්කා පැය 10ක් CIDයේ

    By LFNFebruary 1, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) පැය 10ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    හදිසි මිලදීගැනීම්වලට මුවාවී ව්‍යාජ ලේඛන සකස්කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සැපයීම, මිලදීගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

    මේ අතර මෙම නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී තිබුණද ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියේය.

    මහාධිකරණය හමුවේ නඩුවකට පෙනී සිටීමට සිදුවු හෙයින් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අමාත්‍ය අනුකමිටුවකට සහභාගි වු බැවින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටීමට නොහැකි වු බව අමාත්‍යවරයා විමර්ශන නිලධාරින්ට දැනුම් දී ඇති බව සඳහන් ය.

    ඒ අනුව ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලිඛිතව ඉල්ලිමක් සිදුකර තිබේ.

    මෙවැනි පසුබිමක ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිදුවීමට අදාළව එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිවිල් සංවිධානය කිහිපයක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට “කෙහෙළිය ගෝ ගම” නමින් විරෝධතාවක නිරතවිය.

    කෙසේ වෙතත් පසුව පොලීසිය විසින් අදාළ විරෝධතාවයේ නිරතවූ දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් පිරිස රැගෙන ගියේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙතට ය.

    මේ අතර විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳ සොයාබැලීමට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (01) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත පැමිණියේය.

    අත්අඩංගුවට ගත් පිරිස අද දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අතර හදිසි මිලදීගැනීම්වලට මුවාවී ව්‍යාජ ලේඛන සකස්කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සැපයීම, මිලදීගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුව අද පස්වරුවේ යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.