Author: LFN

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය හැකි බවය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 2.8ක් ලෙස සටහන් විය. මේ අතර 2023 වසරේ නොවැම්බර් මාසයේ සියයට -2.2ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැර තිබේ. සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අතරතුර එහි කනිෂ්ඨ සේවිකාවකට පහරදුන් බවට වූ චෝදනා මත කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කෙසේ වෙතත් ඇතිවූ හෘදයාබාධයක් මත වෛද්‍යවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට අධිකරණය අවසර ලබා දුන් අතර අද ඔහු නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රුපියල්…

Read More

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය. ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන්නේය. එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසම ද සිය අදහස් එක් කරනු ඇත. අනතුරුව සති 03ක කාලයක් එම යෝජනාවලිය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිතය. එම කාලයෙන් පසු මහජන අදහස් විමසීමේ සැසිය පවත්වනු ඇත. අනතුරුව සියලු යෝජනා එක්කර නව යෝජනාවලිය ලංකා විදුලි බලමණ්ඩලයට ලබාදීමට නියමිතය.

Read More

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ. අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

Read More

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු ඊයේ (21) හැටන් වෙත පැමිණ තිබුණි. ඒ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදී පැවති ජාතික තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහාය. මෙලෙස එම උත්සවයට එක්ව සිටියේ අයිශ්වර්යා රාජේශ්, අයිශ්වරයා දත්තා, සංයුක්තා, මීනාච්චි නමැති ජනප්‍රිය රංගන ශිල්පිනියන් පිරිසකි. විදුර වික්‍රමනායක සහ ජීවන් තොණ්ඩමන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම ජාතික තෛපොංගල් දින උත්සවයේදී දමිළ ජනතාව විසින් නැවුම් මුට්ටිවල කිරිබත් 1008 ක් පිළියෙළ කර ඇති අතර, එයට සමගාමීව කෝලම් රටා සහ හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කර තිබේ.

Read More

විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබේ. පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වනු ඇත. එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කරගනිමින් රත්නපුරේ විමලබුද්ධි හිමි රාමඤ්ඤ නිකායෙන් නෙරපීමට තීරණය කර ඇති බවය.

Read More

බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළායමින් සිටි රැඳවියෙකු ගාල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම රැඳවියා මාතර බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ඔහුව තවත් සිරකරුවන් පිරිසක් සමග මාතර මන්තින්ද පිරිවෙණේ වැඩකටයුතු සඳහා යොදවා සිට ඇත. එහිදී සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගොස් ඇති අතර ඔහු බස් රථයකින් ප්‍රථමයෙන් ගාල්ලට පැමිණ තිබේ. අනතුරුව සැකකාර බන්ධනාගාර රැඳවියා ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග සිටියදී ගාල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කුඩා දැරියක් ළිඳකට තල්ලුකර ඝාතනය කිරීමේ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ නෝන්රා ගම්මානයෙනි. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම දැරියගේ මිත්තණිය විසින් 10 හැවිරිදි වියේ පසුවන දැරියව ළිඳට දමා ඇති බවට සැකපළකරන බවය. පසුගිය (20) පෙරවරු 10ට පමණ මෙය සිදුව ඇති අතර ප්‍රදේශවාසින් විසින් දැරිය ළිඳෙන් ගොඩට ගෙන රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 10 හැවිරිදී වියේ පසුවූ රියා නම් කුඩා දැරියකි. පවුල් ආරවුලක් මත සැකකාර කාන්තාව සිය සිය මිණිබිරිය ව මෙලෙස ලිඳට තල්ලුකර ඝාතනය කර ඇති…

Read More