Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප
    Featured

    කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට ඇප

    By LFNJanuary 22, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා ඇප මත මුදාහැර තිබේ.

    සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අතරතුර එහි කනිෂ්ඨ සේවිකාවකට පහරදුන් බවට වූ චෝදනා මත කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    කෙසේ වෙතත් ඇතිවූ හෘදයාබාධයක් මත වෛද්‍යවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට අධිකරණය අවසර ලබා දුන් අතර අද ඔහු නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

    කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටය.

    මේ අතර රෝහලේ ඇතිවූ නොසන්සුන්තාවට අදාළව කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකු සහ සේවිකාවකද ගාල්ල පොලීසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගනුලැබූ අතර ඔවුන් ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    එදින සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.