Author: LFN
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වනු ඇත. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි…
පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් හානියට පත් ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව කුඹුරු හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. ප්‍රංශ රජයේ සහන ණය ව්‍යාපෘතිය යටතේ දංකොටුව ප්‍රදේශයේ ඉදි කළ කිරි ආශ්‍රිත නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. දැනට පවතින එළවළු හිඟය ඉදිරි කාලය තුළ අවසන් වුව ද ලබන ජූනි මාසය වන විට නැවතත් එළවළු හිඟයක් ඇති…
රිමාන්ඩ් භාරයේ පසුවන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම රෝහලේ පිළිකා ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන්, රෝගීන් සහ ප්‍රදේශවාසීන් අද (19) විරෝධතාවක නිරත විය. ඔවුන් පවසන්නේ වෛද්‍යවරයාට පහරදුන් රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ළමා, පිළිකා ඇතුළු විශේෂිත රෝහල්වල සිදුනොකරන බව සඳහන් කළද කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊට එක්ව තිබුණි. වර්ජනයෙන් පසු දින එම සේවකයන් යළි සේවයට වාර්තාකර තිබූ අතර වර්ජනයෙන් පිළිකා ඒකකයේ කටයුතුවලට බාධා එල්ල වූ බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී විශේෂඥ…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය. විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි. ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී තිබුණි.
අස්වැසුම අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් පසු තවත් පවුල් ලක්ෂ 03ක් අලුතෙන් අස්වැසුමට සුදුසුකම් ලබා තබේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නුසුදුස්සන් බවට පත්වූ පවුල් සංඛ්‍යාව 5,000ක් බවය. වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව අලුත්තෙන් ලක්ෂ 300,000ක පවුල් සංඛ්‍යාවක් අස්වැසුමට ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලබා ඇති බවය. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මීළග වාරික මුදල ලබාදීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය…
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වෙයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ ඇති බවය. උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත් වෙයි. G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා…
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඒ බව පවසයි. ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව අනාවරණය කළේය. “නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. මේ වෙන කොට ඒ අදාළ යටිතල පහසුකම් සකස් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ Facial recognition වලට අදාළ දත්ත එකතු කරන්න, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ කටයුතු ආරම්භ කරන්න ජූනි මාසය තුළ.” මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
විදේශ රැකියාවන්හි නිරතව සිට නැවත මෙරටට පැමිණෙන කාන්තාවන්ගේ නිවාස වෙත ගොස් මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයෙක් හතරලියද්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියෙකු බව පවසමින් සැකකරු වංචනික ලෙස මූල්‍ය වංචා සිදුකළ බව හෙළිවී ඇත. එම කාන්තාවන්ට අදාළ රක්ෂණ ආවරණ කල්පිරී ඇති බවත්, එලෙස කල්පිරුණු මුදල් ලබාගැනීමට මූලික ගෙවීමක් සිදුකළ යුතු බවත් පවසා මෙම පුද්ගලයා විවිධ මුදල් ප්‍රමාණ රැගෙන ගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශවලදී හෙළිවී තිබේ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (18) සමත්විය. ඒ ඊයේ පැවැති අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමිනි. ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය. ඒ අනුව පන්දුවාර 14 පන්දු 01ක් අවසානයේ සියලුදෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණි. තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය ලකුණු 83කි. පන්දුවාර 10යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේය. මුළු ලකුණු 82ක් ලෙස සටහන් වෙද්දී පැතුම් නිස්සංක එල්ල කළ…
කුඩු සළිඳු සහ හරක් කටාට සිදුකළ බව කියන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාට නියෝග කළේය. අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුඩු සළිඳු සහ හරක් කටාට පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයෙක් එලෙස මරණ තර්ජන සිදුකළ බව පැවසෙයි. මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සැකකරුවන් නිරීක්ෂණය කිරීමට පසුගිය (17) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවය. එමෙන්ම එම තර්ජනය සිදුකළ බව පැවසෙන දිනයට අදාළ සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.