Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මත්ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වූ පාසල් කිහිපයක් කළුතරින් හඳුනාගනී
    Local News

    මත්ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වූ පාසල් කිහිපයක් කළුතරින් හඳුනාගනී

    By LFNJanuary 18, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

    “එම හදුනාගත් පාසල් අතර ජනප්‍රිය පාසල්ද ඇතුළත්, ඒවායේ නම් සඳහන් කිරීම පාසල්වල කීර්ති නාමයට හානියක්. විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් දැනුවත් කළා. මේ වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා. මේ මත් උවඳුරෙන් පාසල් ළමුන් ගලවාගැනීමට අපි විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.”

    කළුතර කොට්ඨාසයේ 2023 වර්ෂයේ හෙරෝයින් සම්බන්ධ නඩු 1,334ක්, අයිස් පිළිබඳ නඩු 904ක්, මත්පැන් නඩු 5,880ක් ඇතුළුව නඩු 10,586ක් පනවා තිබේ.

    “පසුගිය මාසයක කාලය තුළ දී ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම් කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළා. යුක්තිය මෙහෙයුම නිසා සමස්තයක් වශයෙන් කළුතර මත්කුඩු ව්‍යාප්තිය අඩුවෙලා…” යනුවෙන් ද ඒ මහතා පැවසීය.

    පොඩි අය පමණක් නොව මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ තෝරු මෝරු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස කමිටුවේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙහිදී අදහස් දැක්වීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.