Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කරාපිටිය කැලඹූ සිද්ධියේ දොස්තර රිමාන්ඩ්
    Featured

    කරාපිටිය කැලඹූ සිද්ධියේ දොස්තර රිමාන්ඩ්

    By LFNJanuary 19, 2024No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (18) නියෝග කළේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ 61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකි.

    සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් සිදුකළ සංකේත වර්ජනය අවසන් වීමෙන් පසුව පසුගිය (17) පෙරවරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් යළි සේවයට වාර්තාකර තිබුණි.

    එහිදී වර්ජනයෙන් රෝහලේ කටයුතුවලට බාධා එල්ලවූ බවට චෝදනා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා එහි කනිෂ්ඨ කාර්යමණ්ඩලයට බැණවැදී ඇති බව වාර්තා විය.

    සිදුවීම ඒ අසල සිටි අයෙක් රූගත කර තිබුණි.

    අනතුරුව එහි නොසන්සුන්තාවක් හටගත්තේය.

    එහිදී අදාළ විශේෂඥ වෛද්‍යවරයා රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පරුෂ වචනයෙන් බැණවැදී පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ලවූ අතර, පහරකෑ බව කියන සුුළු සේවිකාව ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත්වී තිබේ.

    සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වැඩ වර්ජනයක් ආරම්භ කළ කනිෂ්ඨ කාර්යමණ්ඩලය විරෝධතාවකද නිරත වුණි.

    මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව නිවේදනයක් නිකුත් කර තිබුණි.

    අදාළ සංගමය ඉන් පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් පසුගිය 16 වනදා සිදුකළ ශල්‍යකර්මයකට එම දිනයේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ලවී තිබූ බවය.

    මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අදාළ අංශ දැනුවත් කර තිබූ බවත් නිවේදනයේ සඳහන් ය.

    ඊට එරෙහිව සෞඛ්‍ය සේවකයින් පිරිසක් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පසුගිය 17 වනදා තර්ජනය කර ඇති අතර එම කණ්ඩායම විසින් අඛණ්ඩව ඔහුට එරෙහිව ජීවිත තර්ජන පවා එල්ල කළ බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    මේ අතර කරාපිටිය රෝහලේ කනිෂ්ඨ සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දහවල් තාවකාලිකව අවසන් කෙරුණේ රෝහල් අධ්‍යක්ෂවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

    මෙවන් පසුබිමක සැකකාර විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    කෙසේවෙතත්, සැකකාර විශේෂඥ වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු වෛද්‍යවා ර්තාව පිළිගත නොහැකි බව පැවසූ විනිසුරුවරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අද පස්වරුවේ එම රෝහලට පැමිණියේය.

    එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර විශේෂඥ වෛද්‍යවරයා මෙම මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.